
ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ.
මෙම පිරිස අතර සිටින වැඩිදෙනා ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු වැසියන් බවත්, ඔවුන් අතර, සරසවි ශිෂ්‍යයන් සහ කම්කරුවන් බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.
මේ වනවිට ඇමරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
උතුරු කොරියාව ද ඇමරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දිගින් දිගටම බැලැස්ටික මිසයිල අත්හදා බලයි. එහෙයින්, ඕනෑම මොහොතක ඇමරිකාව සහ උතුරු කොරියාව අතරේ යුද ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් හරක් රැළක්
දෙන්නට දෙන්නා බුරාගන්නවා විතරයි...
දෙගොල්ලන්ට දෙගොල්ලොම බයයි අනේ...!