IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා හමුදා ප‍්‍රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි

බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ඊයේ (27) පාකිස්තානයට පැමිණ එරට හමුදාපති සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡුා පැවැත්වීය. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර සබඳතා පළුදු වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් ප‍්‍රදේශයේ පාකිස්තාන මුරපොළක සිටි සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියක් හේතුවෙනි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි ඇමෙරිකා හමුදාපතිවරයා පාකිස්තාන හමුදාපති ජනරාල් අස්ෆාක් හමුවී සාකච්ඡුා පැවැත් වු අතර පාකිස්තානයේ සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ගැන මෙහිදී සාකච්ඡුාවට භාජන විය. ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ තලේබාන් ඇතුළු සටන්කාමී කල්ලි මර්දනය කිරීමේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය බව ඇමෙරිකන් හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.



අදහස් (0)

ඇමෙරිකා හමුදා ප‍්‍රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site