IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකා හමුදා ගුවන් ප‍්‍රහාරයට ඇෆ්ගන් දරුවෝ 11 ක් බිලිවෙති

ඇමෙරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පිරිසක් පෙරේදා (7) ජීවිතක්ෂයට පත් වූ අතර එම පිරිස අතර කුඩා දරුවෝ 11 දෙනෙක් සිටිති.
ප‍්‍රහාරයෙන් මියගියේ අවුරුදු 1 සිට 8 තෙක් වයස්වල දරුවන් බවත් එම ප‍්‍රහාරය තමන් තරයේ හෙළා දකින බවත් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඇමෙරිකාවට දොස් පවරමින් කියයි.
පෙරේදා එම ගුවන් ප‍්‍රහාරය එල්ල වූයේ ෂිගාල් දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර කුනාර් පළාතේ ගම්මානයකටය. 
ඇමෙරිකා හමුදාව කියා සිටියේ තමන් අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දුන් බවය.
ඇෆ්ගන් රජය පවසන්නේ සිවිල් වැසියන් මියගියත් ප‍්‍රහාරයෙන් අල් කයිඩා සටන්කාමීන් කිසිවකු මියගොස් නොසිටි බවය. සිදුවූයේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් යැයි ඇමෙරිකා හමුදාව පවසයි.



අදහස් (0)

ඇමෙරිකා හමුදා ගුවන් ප‍්‍රහාරයට ඇෆ්ගන් දරුවෝ 11 ක් බිලිවෙති

කුරුවිට Tuesday, 09 April 2013 08:38 AM

ඇමරිකන් දෙවියන්ගෙයි, ඇප්ගන් දෙවියන්ගෙයි කැමැත්ත. අහිංසක ළදරුවන් පලි.(නදී)

:       0       0

සිංහ පුත්‍ර Tuesday, 09 April 2013 09:50 AM

ඇමරිකාවේ මේ කැත වැඩ පෙනෙන්නේ නැති අයට නම් හොදක් වෙන්න එපා. (නි)

:       0       0

අරුණ රංග Tuesday, 09 April 2013 10:18 AM

මේක අත්වැරැද්දක් අවාසනාවන්ත සිදුවීමක් අපේ රටේ උනේ මානව හිමිකම් කඩකිරීමක් මේවා මානව හිමිකම් කඩවීමක් නෙවේ ඔකටතමයි කියන්නේ අනුන්ගේ ගෙදර ප්‍රශ්න ගැන බලන්නැතුව තමන්ගේ ගෙදර ප්‍රශ්න හදාගන්න කියල දැන් ටී . එන් . ඒ එකට පුළුවන් ඇමරිකාවට විරුද්දව ජිනීවා යන්න.(නදී)

:       0       0

වසන්ත Tuesday, 09 April 2013 11:01 AM

ජිනිවා ජිනිවා .....................(ස)

:       0       0

දම් Tuesday, 09 April 2013 06:29 AM

කෝ මේ මානව හිමිකම්? පහත් තැනින් ජලය ගලා බසී. (නි)

:       0       0

ඇසළ Tuesday, 09 April 2013 06:59 AM

කෝ දැන් මානව හිමිකම්? (නි)

:       0       0

රනා Tuesday, 09 April 2013 07:22 AM

කුඩා දරුවෝ මියගියත් ඇමෙරිකාව මානව හිමිකම් රකිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site