IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයක

සිරියාවේ වත්මන් අර්බුදය ගැන තුර්කි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පසුගියදා තුර්කියට පැමිණියාය. තුර්කි අගමැති රිසෙප් ටයිප් එර්ඩොගාන් සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ක්ලින්ටන් කියා සිටියේ ඇමෙරිකාව විසින් ඉකුත් සතියේ පනවනු ලැබූ සම්බාධකවල අරමුණ වූයේ ඉරානය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ සිරියාව අතර සබඳතාවය බිඳැමීම බවයි. හිස්බුල්ලා සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් රැුසක් සිදු කිරීමට සූදානමින් සිටින බවට ඇමෙරිකා සහ ඊශ‍්‍රායල බුද්ධි අංශ අනතුරු අඟවයි. සිරියානු රාජ්‍ය තෙල් සමාගම ඉලක්ක කරගෙන ඇමෙරිකාව පැනවූ සම්බාධකවල අරමුණ වූයේ ඉරානය සමඟ පවතින වෙළෙඳ සබඳතා අවහිර කර දෙරටේ ආර්ථික අවපාතයක් ඇති කිරීමටය. තුර්කි රාජ්‍ය නිලධාරීන්ට අමතරව එරටට පැමිණ සිටින සිරියානු සරණාගතයින් හමුවූ හිලරි ක්ලින්ටන් පැවසුවේ ජනපති අසාද්ගේ රජය බිඳ දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිරියාවක් නිර්මාණය කිරීමට තමන් කැපවී කි‍්‍රයා කරන බවයි. සිරියානු දේශසීමාවේ පිහිටි සරණාගත කඳවුරුවල සිටින සිරියානු වැසියන් 55,000 කට පමණ තුර්කිය මේ වන විට රැකවරණය ලබාදෙන අතර උග‍්‍රවන සිරියා අර්බුදය හමුවේ සරණාගතයන්ගේ පැමිණීම දිනෙන් දින ඉහළ යන බව තුර්කි බලධාරීහු පවසති.



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 10 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 729 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site