
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ චීනයට ගියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, යුක්රේනයට, ඊශ්‍රායලයට සහ තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ආධාර ලබා දීමට සූදානම් වෙද්දීය. ආධාර ලබා දීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී තිබේ.
වෙනම රටක් වුවත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ගේ කොටසක් යැයි චීනයේ පිළිගැනීමය. එහෙයින් සෙසු රටවල් චීනය සමඟ ඇයිහොඳයිකම් පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවක් වී ඇත. චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුද උත්සන්න කිරීමට, ඇමෙරිකාව තායිවාන රජයට සමීප වීම හේතුවක් වී තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පළමුවෙන් ෂැංග්හායි නුවරට ගොස්, චීන ව්‍යාපාරික නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ෂැංග්හායි නුවරදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පිළිගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් චෙන් ජනිංග් විසිනි. ඉන්පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බෙයිජීං අගනුවරට යෑමටත්, චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1716
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ