ඔත්තු බැලීම සඳහා ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ ඇමෙරිකන් ඩ්‍රෝන යානාව අල්ලා ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් යැයි ඉරාන රජය පවසයි. ආර්.කියු. 170 සෙන්ටිනල් වර්ගයේ නියමුවන් රහිත එම ඩ්‍රෝන යානාය ඉරාන හමුදාව අතට පත්වූයේ ඉකුත් පස් වැනිදාය. ඇමෙරිකාව, ආර්.කියු. 170 සෙන්ටිනල් යානා භාවිතා කරන්නේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය. යානය බිම හෙලීමට තමන් සමත් වූ බව ඉරාන හමුදාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඇමෙරිකාව ඒ ගැන මුනිවත රැක්කේය. ඉකුත් අට වැනිදා ඉරාන හමුදාව එම යානය ඉරාන මාධ්‍ය ඔස්සේ ලොවට ප‍්‍රදර්ශනය කළේය. එම අවස්ථාවේදී ඇමෙරිකා රජය ප‍්‍රකාශ කළේ ඉරාන/ඇෆ්ගනිස්තාන දේශසීමාවේදී සෙන්ටිනල් යානයක් තම පාලනයෙන් ගිලිහී අතුරුදන් වූ බවය. මීටර් 27 ක් දිග, මීටර් 2 ක් උසැති, ඉතා ඉහළ අහසේ රේඩාර්වලට හසුනොවී පියාසර කළහැකි එම යානය බිම හෙලීමට ඉරානය සමත් වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. කෙසේ නමුත් ඉරානය පවසන්නේ යානය ඇමෙරිකන් පාලනයෙන් තමන් අතට ගෙන, බිමට පතිත කර ගැනීමට හැකිවූයේ ඉරාන හමුදා ඉන්ජිනේරුවන්ගේ දස්කමින් බවය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පවසන්නේ දුරස්ථ පාලක මගින් කි‍්‍රයාත්මක ඩ්‍රෝන යානාව ඉරාන හමුදාව අතට පත්වූයේ එම යානය මෙහෙයවූ නියමුවා අතින් සිදුවූ අත්වැරදීමක් නිසා බවය. සිදුකළ විශේෂ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බව ද ඇමෙරිකා රජය අවධාරණය කරයි. යානය ආපසු බාර දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉරානය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකා යානය බිම හෙලීම ඉරාන ඉන්ජිනේරු දස්කමක්
saas Thursday, 22 December 2011 09:15 AM
ඔබාමා අනාගෙන වගේ