ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මධ්‍යම සංචිත බැංකුවේ තැන්පත් කර තිබූ ඇමරිකා ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් හැකර්වරුන් හෙවත් අන්තර්ජාල ගිණුම්වලට අනවසරයෙන් පිවිසෙන පුද්ගලයන් විසින් ඉවත් කර ගැනීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණ ශ්‍රී ලංකාව වෙත ද පුළුල් කර තිබෙන බව වාර්තාවේ.
එම පරීක්ෂණ කටයුතු සඳහා ඇමරිකා එෆ්.බී.අයි පරීක්ෂකයන් ද එක්ව සිටින බවත්, ඒ පිළිබද පරීක්ෂණ කටයුතු සඳහා බංග්ලාදේශ පරීක්ෂකයන් කණ්ඩායමක් පිලිපීනය, ශ්‍රී ලංකාව මෙන්ම නිව්යෝක් මධ්‍යම සංචිත බැංකුව වෙත යාමට සූදානම් වන බවත් ප්‍රංශ පුවත් සේවය සදහන් කරයි.
චීන ජාතිකයන් මෙම අන්තර්ජාල මුදල් කොල්ලය සිදුකර ඇති බව විශ්වාස කෙරෙන අතර, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමට තැත් කර ඇති මුදල ඩොලර් මිලියන 20කට ආසන්න බව කියති.
මෙම සිද්ධිය හේතුවෙන් බංග්ලාදේශ මහබැංකුවේ අධිපතිවරයා මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුට ද තනතුරු අහිමි විය. බංග්ලාදේශ රජය ඇමරිකා මධ්‍යම සංචිත බැංකුවේ සුරැකුම් ලෙස තබා ඇති මුදල ඇමරිකා ඩොලර් බිලියන 27කට ආසන්නවේ.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා බැංකුවක මුදල් හොරෙන් ඇදලා
රජින්ද Thursday, 24 March 2016 05:19 AM
මෙන්න වැඩ. මේ හැකර්වරුන්ව අහුවුණොත් ලෝකයේ ඉහළම වැටුප් ගෙවන සමාගම් මෙයාලව ඉක්මනින්ම බඳවා ගනීවි. (නි)