IMG-LOGO

ඇමෙරිකා ප‍්‍රහාරයෙන් පාකිස්තාන තලේබාන් නායක ඩබුල්ලා මරුට

පාකිස්තානයේ බජූර් පළාතේ තලේබාන් නායක මුල්ලා ඩබුල්ලා ඝාතනය කිරීමට ඇමෙරිකානු හමුදා පෙරේදා (24) සමත් විය. ඩබුල්ලා ඝාතනය වූයේ ඇමෙරිකා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකිනි. බජූර් පළාත පිහිටා ඇත්තේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කුනාර් ප‍්‍රාන්තයේය. ප‍්‍රහාරයට ලක් වෙද්දී ඩබුල්ලා ගම්මානයක සැඟ වී සිටියේය. ප‍්‍රහාරයෙන් තවත් තලේබාන් සටන්කාමීහු 11 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. ඇමෙරිකා හමුදා එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින්ය. ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් පසුගිය වසර පුරාවට ප‍්‍රහාර එල්ල වූයේ මුල්ලා ඩබුල්ලාගේ සැලැසුම්වලට අනුවය. අල් කයිඩා සටන්කාමීන් සමඟ ද ඩබුල්ලා සමීප සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවී ඇත. පාකිස්තානය හරහා දේශ සීමා ඔස්සේ සටන්කාමීන් සහ අවි ආයුධ ප‍්‍රවාහනය සිදුවන්නේ ද ඩබුල්ලාගේ අනුදැනුම යටතේය. ඩබුල්ලා ඝාතනය කිරීමට හැකිවීම තමන් ලැබූ විශාල ජයග‍්‍රහණයකැයිද  ඇමෙරිකා හමුදාව පවසයි. මුල්ලා ඩබුල්ලා



අදහස් (0)

ඇමෙරිකා ප‍්‍රහාරයෙන් පාකිස්තාන තලේබාන් නායක ඩබුල්ලා මරුට

වසන්ත Monday, 27 August 2012 06:52 PM

නියමයි. අපි ත්‍රස්තවාදය මේ මුලු ලෝකයෙන්ම අතුගා දැමිය යුතුයි. (නි)

:       0       0

මධූ Monday, 27 August 2012 06:58 PM

හොඳ ප්‍රවෘත්තියක් (අ)

:       0       0

අමිල කටුනායක Monday, 27 August 2012 07:03 PM

ඔහුගේ හඬ පටියක් හෙට අනිද්දාට නිකුත් වෙයිද (අ)

:       0       0

සේනානායක Monday, 27 August 2012 08:30 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

නිමල් Monday, 27 August 2012 09:24 PM

ඇමෙරිකාවට ජයවේවා.

:       0       0

සමන් Monday, 27 August 2012 09:57 PM

ලෝකෙම ත්‍රස්තවාදය ලංකාවේ හැර

:       0       0

ජනක Monday, 27 August 2012 02:26 PM

අනේ මන්දා ඉතින්

:       0       0

ප්‍රවීන්- මැනිලා Tuesday, 28 August 2012 01:52 AM

අනේ අපි නොදන්න ඇමරිකාව. ඉන්නෙ මොන ගමේද කියලා ඔත්තුව ලැබුණ ගමන්ම අහල පහල ගම් වලටත් එක්කම බෝම්බ දානවා.එතකොට ඉතින් කොහොමත් මැරෙනවනේ. (ස)

:       0       0

සනත් Tuesday, 28 August 2012 09:06 AM

මානව හිමිකමි උල්ලංඝනයක්. සුදුකොඩි උස්සගෙනන ආව අයවනෙ මරල තියෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site