මාසයකට වැඩි කාලයක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපයේ සිටි ඉරාන ධීවරයන් 13 දෙනකු බේරා ගැනීමට ඇමෙරිකා නාවික හමුදාව පෙරේදා (7) සමත් විය. ධීවරයන් කණ්ඩායම බේරා ගැනීමට හැකිවූයේ ඇමෙරිකා නාවික හමුදාවේ යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් නමැති ගුවන් යානා ප‍්‍රවාහන යුද නැවේ නාවික භටයන්ය. යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් යුද නැව ඉරානය අසල මුහුදට සමීප වී සිටින්නේ ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධියේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසයෙන් පසුවය. ඇමෙරිකාව යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් යුද නැව ඉරානය අසල මුහුදේ ස්ථානගත කර ඇත්තේ යම් හෙයකින් හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීමට ඉරානය පියවර ගත්තොත් ඉරානයට පහර දීමක් කිරීමටය. කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයෙන් බේරා ගත් ඉරාන ධීවරයන් 13 දෙනා යළි ඉරානයට යැවීමට කටයුතු කළේයැයි ඇමෙරිකාව පවසයි. දෙරට අතරේ නොහොඳ නෝක්කඩු තිබුණ ද ඇමෙරිකා නාවික හමුදාවේ එම කි‍්‍රයාව ඉතා ප‍්‍රසංශනීය යැයි ඉරානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා නාවික හමුදාව ඉරාන ධීවරයන් බේරා ගනී