IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැම්මේ පදනමක් නැතිව

ඇමෙරිකා රජය, යේමනයේ සානා අගනුවර සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව යැයි නම සඳහන් කිරීමට අකමැති යේමන රජයේ ප‍්‍රකාශකයෙක් ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය සමඟ පවසා ඇත.
ඇමෙරිකාව යේමනයේ තානාපති කාර්යාලය වසා දැම්මේ, මීට සති දෙකකට පෙරය. ඒ, අල්කයිඩා සටන්කාමීන් ඇමෙරිකා තානාපති කාර්යාලයට හෝ තානාපති කාර්යාල නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඉලක්ක කර ගනිමින් පහර දීමක් කරාවි යැයි බිය පළ කරමිනි.


යේමන රජයේ එම ප‍්‍රකාශකයා කියා සිටියේ, ඇමෙරිකාව ඔවුන්ගේ තානාපති කාර්යාලය වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව බවය. සානා නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට යේමන රජයෙන් විශේෂ ආරක්ෂාවක් ලැබී ඇතැයි ද නම හෙළි කිරීමට අකමැති වූ එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
අල් කයිඩාවෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බිය වී ඇමෙරිකාව වසා දැම්මේ යේමන තානාපති කාර්යාලය පමණක් නොවේ. විදේසවල තවත් තානාපති සහ කොන්සල් කාර්යාල 18 ද ඔවුන් වසා දැමීමට පියවර ගත්තේය. කෙසේ නමුත් මේ වනවිට එම කාර්යාල යළි විවෘත කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැම්මේ පදනමක් නැතිව

බමුණු Thursday, 15 August 2013 06:45 AM

අපිට නම් වහලා තිබුණත් ඇරලා තිබුණත් එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site