IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා කතට අතපය එපා වෙලා

ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් නගරයේ චෝල් ජෙනින්ග්ස් තම අතපය කරදරයක්  බව කියන්නිය.

වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති ආකාරයට චෝල් ඉතා විරල ගණයේ මානසික රෝගයකින් පීඩා විදී. එම රෝගයට අනුව තමන් දෑත් දෙපා අහිමි ආබාධිතයෙකු යැයි සිතා කටයුතු කිරීමට පුද්ගලයින් පෙළැඹේ.චෝල් ද සිය දෙපා හා දෑත් සළකනුයේ කරදරයක් ලෙසටය.

මතකය අවදි කරන චෝල් තමන්ට ආබාධිතයෙකු වන්නට අවශ්‍ය යැයි සිතුනේ වයස අවුරුදු 9 ක් පමණ කුඩා අවදියේදී සිට බව සදහන් කරන්නීය.වරක් විහින් ආබාධිත වීමේ අරමුණින් තම පාපැදිය කන්දකින් පහළට ධාවනය කළ ආකාරයද ඇය සිහිපත් කරන්නීය.කන්දෙන් පහළට පෙරැලී තම හිස වේගයෙන් ගලක වැදී සිහිසුන් වූ බවත් සිහිය එන විට සිටියේ රෝහලක බවත් ඇය පවසන්නීය.තමන්ට අවශ්‍ය වූයේ දෙපා අඩපණ කර ගැනීමට පමණක් වූවත් අනතුරින් පසු වෛද්‍යවරුන් පැවසූ ආකාරයට හිසට සිදු විය හැකි හානි වලින් දෙපා පමණක් නොව මුලූ ඇගම අප්‍රාණික වී ආඝාත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයින් පසුව එවන් අනතුරු කර ගැනීමට තැත් කිරීම අත්හල බවත් ඇය කියන්නීය.

ආබාධිත වීමට ඇති ආශාව දමනය කර ගැනීමට නොහැකි තැන චෝල් සිය දෙපයේ පිටුපසට ලී පටි තබා බැදගෙන සිටින්නීය.මේ ලී පටි නිසා ඇයට සිටගැනීමට නොහැක.එමනිසා ඇය එහා මෙහා යන්නේ රෝද පුටුවක නැගීය.ඇය දකින සියලූ දෙනා ඇය ආබාධිත යැයි සිතුවද ඇයගේ අත පය ඔබේ මගේ මෙන් හොදින් ක්‍රියා කරන්නේය.අවශ්‍ය වූ විටෙක මේ ලී පටි ගලවා දමන චෝල් දෙපයේ ආධාරයෙන් නැගී සිට වැඩකටයුතු කරන්නීය.

සිය ‘ආශාව’දමනය කරගත්තද තමන්ට ඇතැම් අවස්ථා වලදී යළිත් අනතුරක් කරගෙන හෝ සිය දෙපා අඩපණ කරගැනීමට සිතෙනා බව කියන

චෝල් සිය මෝටර් රථය බිත්තියකට ධාවනය කර අනතුරක් කර ගැනීමට තමන්ට සිතෙනා වාර අනන්ත බව පවසන්නීය.

අවදානම වැඩි හෙයින් එසේ නොකොට ‘දෙපා අප්‍රාණික කර ගැනීමේ’ සැත්කමක් කර ගැනීමට ඇය වෛද්‍ය පිහිට පතා ඇත්තීය.එහෙත් එකදු වෛද්‍යවරයෙක් හෝ ඇයගේ දෙපා පණ නැති කිරීමේ ‘ප්‍රතිකාරය’කරීම ප්‍රතික්ෂේප කර ඇත්තේය.

දෙපා වලින් නැගී සිටින විට චෝල් ගේ ක්‍රියාකාරකම් වනුයේ හිම මත ලිස්සා යෑම,කදු හා ගිරිදුර්ග තරණය කිරීම වැනි අවදානම් සදගත ක්‍රියාවන්ය.වරෙක හිම මත ලිස්සා යෑමේදී සිදුවුනු අනතුරකින් චෝල් ආඝාත තත්ත්වයට පත්නොවී බේරී ඇත්තේ අනුනවයෙනි.තමන්ගේ සහය නොලැඛෙන තැන

චෝල් දැන් උත්සාහ කරනුයේ මෙවන් අවදානම් ක්‍රියාවන්හි නිරත වී හෝ අනතුරක් කරගෙන දෙපා අහිමි කර ගැනීමට බව වෛද්‍යවරුන් කියන්නේය.



අදහස් (0)

ඇමෙරිකා කතට අතපය එපා වෙලා

චමත් Tuesday, 23 July 2013 04:55 PM

මෙයාට උපතින් අතපය වල අමාරුවක් නැති උනත් මොලේ නම් මොකක් හරි අවුලක් තියෙන පාටයි.(නදී)

:       0       0

ගම් Monday, 22 July 2013 05:33 PM

මනුස්ස හැගීම් වලත් හැටි? (නි)

:       0       0

සෝගෝ Monday, 22 July 2013 05:55 PM

මෙහෙම හිතෙන්නේ කොහොමද? අඩුමගානේ තමන්ට කවුරුහරි කරදර කරද්දී ඒක වළක්වා ගන්නවත් උත්සාහ ගන්න අත පය ඕනෑනේ (නි)

:       0       0

සංජීව Tuesday, 23 July 2013 07:22 AM

කොහොම වුනත් ඉර්ෂාඩ් ඇත්ත කිව්වා. වෛර කරන මිනිස්සු මානසික ලෙඩ්ඩු. ඒක ඒ වගේ මිනිස්සු ජීවත් වෙන සහ රටවල් දිහා බැලුවහම හොදට තේරෙනවා (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 22 July 2013 07:10 PM

කනගාටුයි. ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ. සමහරුන්ට ජීවිතේම එපා වෙද්දී මෙයාට එපා වෙලා තියෙන්නේ අත පය විතරනේ.(නදී)

:       0       0

තරු Monday, 22 July 2013 02:19 PM

මිනිස්සු ලෝකයේ අත පය අහිමිවෙලා දුක් විදිනවා. මෙයාලට තියෙන ඒවාලින් සතුටු වෙන්න වාසනාවක් නැති හැටි? (නි)

:       0       0

ලහිරු Monday, 22 July 2013 03:06 PM

පවු ..! (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:18 PM

මානසික අන්දමෙන් පිරිහිලා අනිත් ජාතීන්ට වෛර කරන කොට ඔහොම තමා.(අ)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:20 PM

මානසික තත්ත්වයේ යම් යම් පිරිහීමේ ප්‍රශ්න නිසා මෙවන් දේවල් සිදුවෙනවා (නි)

:       0       0

ඉෂාන් Monday, 22 July 2013 11:10 PM

රිෂාර්ඩ් මෙයා මොන ජාතියටද වෛර කලේ? එහෙම කතාවක් මේ ප්‍රවෘත්තියේ නැහැ නේ? එතකොට ඔයාද අනිත් ජාතීන්ට වෛර කරන්නේ? (නි)

:       0       0

දුමින්ද Monday, 22 July 2013 11:17 PM

මෙයාව ලංකාවේ ඉගෙන ගන්න යොමුකරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site