ඇමෙරිකාව තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට යන සාකච්ඡුා සාර්ථකවේදැයි ඇෆ්ගනිස්තානයේ දේශපාලන හා හමුදා නායකයෝ සැක පළකරති. ඇමෙරිකාව සැලසුම් කර ඇති පරිදි 2014 වසර වනවිට ඇෆ්ගනිස්ථානය සහමුලින්ම කොන්කර දැමීමට ඇමෙරිකාව තීරණය කර ඇති හෙයින් ඇමෙරිකා - තලෙයිබාන් සාකච්ඡාවල ප‍්‍රගතියක් ඇතිවේදැයි සැක මතුවෙන බව ඉස්ලාමීය ඇෆ්ගනිස්තාන ව්‍යාපාරයේ ප‍්‍රධානී හා හමුදා ප‍්‍රධානී අබ්දුල් රෂීඩ් පවසයි. ”එවැනි සාකච්ඡාවලින් සිදුවන්නේ තලෙයිබාන් හමුදාවලට වාසියක්. ඊට හේතුව ඇෆ්ගනිස්තානයෙන් සියලූම විදේශ හමුදා ඉවත්ව යෑමයි” යනුවෙන් අබ්දුල් රෂීඞ් කීවේය. තම රට, ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධාන නියෝජිතයන් සමග මාස 10කට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, දැන් එය ප‍්‍රගතියක් කරා එළැඹෙමින් සිටින බවත් ඇමෙරිකාව රොයිටර් පුවත් සේවයට පැවැසීය. රබ්දුල් රෂීඞ් ඇෆ්ගනිස්තානයේ උතුරු සංධාන නායකයන් කීප දෙනෙකු සමග එකතුවී පසුගිය සඳුදා බර්ලිනයේ දී ඇමෙරිකානු රජයේ නියෝජිතයන් කීප දෙනෙකු මුණගැසී සාකච්ඡුා කළේය. අබ්දුල් රෂීඞ් ඇතුළු ඇෆ්ගන් නියෝජිත පිරිසගේ අදහස නම් සාම සාකච්ඡුා පවත්වනවාට වඩා ඇෆ්ගනිස්තානය තුළ බලය විමධ්‍යගත කිරීම වඩා සුදුසු බවයි.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා - ඇෆ්ගන් කතා සාර්ථකවේදැයි සැකයි