IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ 12 ට අඩු දරුවන්ට ෆයිසර්


ඇමෙරිකාවේ වයස අවුරුදු 12 අඩු ළමුන්ට ලබන මාසයේ සිට ෆයිසර් එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා වන ෆයිසර් සහ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් වල ආරක්‍ෂාව තීරණය කිරීම සඳහා සායනික අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින අතර, මෙම වසර අවසානයේදී හදිසි ප්‍රතිකාර සඳහා අවසර ලබා ගැනීමට හැකි වන පරිදි ලබන මාසයේදී දත්ත නිකුත් කළ හැකි බව වෛද්‍යවරු පවසති.

චිකාගෝ හි ලූරි ළමා රෝහලේ මොඩර්නා සායනික පරීක්‍ෂණය අධීක්ෂණය කරන වෛද්‍යවරයෙක් පවසන්නේ වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහාත්, වසර අවසානයේදී කුඩා දරුවන් සඳහාත් මෙම අවසරය ලබා ගත හැකි යැයි තමා බලාපොරොත්තු වන බවයි.
11 හැවිරිදි ජූලියානා ගෝමට්ස් සහ ඇගේ සොහොයුරු 8 හැවිරිදි ගේබ්‍රියෙල් දැන් අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා වන මොඩර්නා සායනික අත්හදා බැලීමේ දරුවන් වන අතර දැන් එය චිකාගෝ හී ලූරි ළමා ළමා නිවාසයේ පැවැත්වේ.

"බොහෝ දුරට අපට ධනාත්මක සහයෝගයක් ලැබී ඇති අතර, දෙමව්පියන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා, මෙහි කොටස් කරුවන් වීම ගැන ඔබට බොහෝම ස්තුතියි" යැයි ඔවුන්ගේ පියා වන ආචාර්ය එඩ්වඩ් ගෝමට්ස් පැවසීය.

එහි ප්‍රතිඵල මත ලබන මාසයේ සිට දරුවන්ට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර තිබේ. අමෙරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම මේ වනවිට සාර්ථකව සිදු කරමින් පවතී.

(එන්.බී.සී)



අදහස් (1)

ඇමෙරිකාවේ 12 ට අඩු දරුවන්ට ෆයිසර්

de silva Sunday, 12 September 2021 06:11 PM

ඇමෙරිකාවේ ඕක කරන්නේ නැද්ද? අපි අවුරුදු 12 ළමයාට ෆයිසර් ගැහුවේ කම්බි වැටවල් අස්සෙන් පන්නලා දැනට මාසෙකට පෙර... එම වාර්තාව අප සතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site