ඇමෙරිකාවේ සිටින රුසියා නිලධාරීන් 35 දෙනකු පිටුවහල් කිරීමටත් ඇමෙරිකාවේ තිබෙන රුසියා බුද්ධි අංශ ඒජන්සි දෙකකට සම්බාධක පැනවීමටත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකා ජනපතිවරණයේදී අනවසරයෙන් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මේ තීරණය ගත් බවද වාර්තා වෙයි.
මෙම තත්ත්වය ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළකරයි.
මේ අනවසර ඇතුළු වීම සම්බන්ධයෙන් ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් වෙත චෝදනා කළ අතර ඇමෙරිකා බුද්ධි අංශ පැවසුයේ ඔහු ඩිමොක්‍රටික් පක්ෂය වෙත හතුරුකම් කරන බවයි.මීට ප්‍රතිචාර දක්වමින් ඔබාමා පැවසුයේ මීට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
“අපි මේ තීරණය ගන්නේ නිළ වශයෙනුත් පෞද්ගලිකවත් රුසියාවට අනතුරු ඇඟවීමෙන් පසුවයි.සියලුම ඇමෙරිකා වැසියන් රුසියාවේ ක්‍රියා ගැන අවධානයෙන් සිටිය යුතුයි.
පූටින්ගේ ක්‍රියා ප්‍රශංසා කළ ලබන මාසයේදී නව ජනාධිපති ලෙස පත්වීමට සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තීරණය අවලංගු කරනු ඇතැයි විචාරකයෝ මත පළ කරති.
ඇමෙරිකාවේ මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 35 දෙනෙකු පිටුවහල් කිරීමටත් රුසියාව තීරණය කර ඇතැයිද මෙම තීරණය රුසියා ජනපතිගේ අවධානයට යොමු කර ඇතැයිද රුසියා විදෙස් අමාත්‍ය සර්ගී ලව්රෝ පවසයි
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්?
නුවන් Friday, 30 December 2016 12:10 PM
තවමත් පරාජය පිළිගන්න බැරි පිරිසක් ඇමෙරිකාවේ ඉන්න බව පේනවා. නම්බුකාර විදියට ගෙදර යන්න. (නි)
නාමල් Saturday, 31 December 2016 11:46 PM
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නේ මේවට තමයි. (නි)