IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාව හොර රහසේ විකිලීක්ස් සංස්කාරකට නඩු පවරන්න හදනවා

ඇමෙරිකානු හමුදා සහ රාජ්‍ය තාන්ති‍්‍රක රහස් ලොවට හෙළි කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ්ට එරෙහිව නඩු පැවැරීමට ඇමෙරිකාවේ නීතිවේදීන් හොර රහසේ කටයුතු කරන බව ඇසෙන්ජේගේ නීතීඥ බල්තසාර් ගාර්සොන් පවසයි. ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) මේ වනවිට රැඳී සිටින්නේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝර තානාපති කාර්යාලයේය. ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි ඇසෙන්ජ්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ඇසෙන්ජ් තම රටට බාර දෙන්නැයි ස්වීඩන රජය බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා ඇති අතර බි‍්‍රතාන්‍ය රජය ඊට කැමැත්ත පළ කර ඇත. බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් කර ඇසෙන්ජ්ගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකාව තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ඇසෙන්ජ් මෙන්ම ඔහුගේ නීතීඥ ගාර්සොන් ද පවසයි. ස්පාඤ්ඤ ජාතිකයකු වන ගාර්සොන්, හිටපු විනිසුරුවරයක් ද වෙයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. එක්වදෝර ජනපති ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ ලබා දීමට ද කැමැත්ත පළ කර ඇත. කෙසේ නමුත් ඇසෙන්ජ්ට ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට නොහැකිය. ඇසෙන්ජ් ඉන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී. මේ අතර ස්වීඩනයට බාරදීමෙන් වැළැකී, ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ සිටින විකිලීක්ස් සංස්කාරක වරයා සම්බන්ධයෙන් එක්වදෝර රජය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසා ඇත. බල්තසාර් ගාර්සොන්



අදහස් (0)

ඇමෙරිකාව හොර රහසේ විකිලීක්ස් සංස්කාරකට නඩු පවරන්න හදනවා

ජගත් බලවත්ගම Saturday, 08 September 2012 09:34 PM

මේවා හොද එයාලට විතරයි..!! අපිට හොද නැහැ..!!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 07 September 2012 07:20 PM

ඇමෙරිකාව කරන තරමක් කරන්නේ යටි කූට්ටුවැඩ (අ)

:       0       0

සිල්වා Saturday, 08 September 2012 03:24 AM

ලකංිවට විතරක් වලංගු අපූරු මාධ්‍ය නිදහසක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site