ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) මහතා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මරණය සිදුවී ඇති අතර මිය යන විය ඒ මහතා 94 වෙනි වියේ පසුවිය.
1989 වර්ෂයේ සිට 1993 දක්වා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළ බුෂ් ඇමෙරිකවේ 41 වැනි ජනපතිවරයා විය.
පසුගිය අවුරුදු කිහිපය පුරා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බුෂ් මහතා දීර්ථකාලීනය පාකින්සන් රෝගයෙන් පෙළුණු අතර මෑත කාලයේ ඇතිවූ රුධිර ආසාදනයකින් රෝහල් ගතව සිටියේය.
මීට මාස හතකට පෙර ඔහුගේ බිරිඳ බාබරා මිය ගියේය. මොවුන් දෙපලට දරුවන් පස් දෙනෙකි.
ඔහුගේ පුතු වන ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ) මහතා පවසන්නේ සිය පියා අග්‍රගන්‍ය චරිතයකින් හෙබි පුද්ගලයෙකු බවයි.
දරුවකුට ලැබිය හැකි හොඳම පියා ඔහු බවද බුෂ් මහතා තවදුරටත් පවසා ඇත.
දෙසැම්බර් පස් වැනිදා වොෂින්ටනයේ පැවැත්වෙන අවසන් කටයුතු සඳහා වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට නියමිතව ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකාවේ හිටපු ජනපති බුෂ් සමුගනී