IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් වේදැයි සැකයි

ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සමඟ සාකච්ඡුා කිරීමට තමන්  ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින නමුත් එසේ සාකච්ඡුා කිරීම කොතරම් දුරට ඵලදායී වේවිද යන්න සැක සහිත යැයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසයි.
උත්තරීතර නායක කොමේනි මේ බව කියා සිටියේ රාමදාන් උත්සවය අවසන් කිරීමෙන් පසු, ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
ඉරානය ඇමෙරිකාවත් සෙසු බටහිර රටවලූත් සමඟ අර්බුදයක් ඇතිකර ගෙන සිටින්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුකොට ගනිමිනි.
ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවන බවය. මේ හේතුව නිසා ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බධක පැනැවීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ, ජනපතිවරයාට ඉහළින් සිටින්නේත් විදෙස් ප‍්‍රතිපත්ති සකස් කරන්නේත් උත්තරීතර නායකයාය. උත්තරීතර නායකයා යටතේ ඇති උත්තරීතර පාලක මණ්ඩලයට පාර්ලිමේන්තුව අභිබවා යෑමේ බලතල ඇත.
ඉකුත් ජූනි මාසයේ පැවැති ජනපතිවරණයෙන් ජයගත් රොහානී ද උත්තරීතර නායක අයතුල්ලා කොමේනී හිතවතෙකි.
වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් සේම රොහානීට ද ජනපති ධුරයට තරග කිරීමට කොමේනි සහ උත්තරීතර පාලක මණ්ඩලයේ අවසර ලැබී තිබුණි. රොහානී, ලබන අගෝස්තු 4 වැනිදා දිවුරුම් දීමට නියමිතව සිටී.



අදහස් (0)

ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් වේදැයි සැකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site