IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට

ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ සීක් දේවස්ථානයකට පෙරේදා (6) කඩා වැදුණු සුදු ජාතික තරුණයකු එල්ල කළ වෙඩි තැබීමකින් උදෑසන දේවමහෙයට සහභාගී වූ හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ විස්කොන්සින්හි මිලාවෝකී නගරයේ  ඕක් ක‍්‍රීක්හි සීක්  දේවස්ථානයටය. උදෑසන 10.30 ට දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරු දේවස්ථානයට ඇතුළු වී ඇත්තේ පිටුපස දොරටුවෙනි. සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර තුවක්කුකරු රැස්ව සිටි පිරිසට වෙඩි තබන්න පටන් ගත්තේය. වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ඒ බව හදිසි ඇමැතුම් ඔස්සේ  ඕක් කී‍්‍රක් පොලිස් ස්ථානයට වාර්තා වූ අතර දේවස්ථානයට නුදුරින් සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් පළමුවෙන්ම දේවස්ථානයට පැමිණියහ. වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරුවන්ට උදවු කිරීමට එම නිලධාරීන් දෙදෙනා උත්සහ ගත් අවස්ථාවේදී තුවක්කුකරු එක් පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇත. එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරුට වෙඩි තැබූ අතර තුවක්කුකරු එම ස්ථානයේදීම මියගියේය. වෙඩි වැදුණු පොලිස් නිලධාරියා වසර 20 ක සේවා පළපුරුද්දක් ඇති අයකු බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවෝත් තුවාල ලැබුවෝත් ඇමෙරිකාවේ විස්කොන්සින්හි ජීවත් වන සීක්වරුය. වෙඩි ප‍්‍රහාරය ගැන මේ වනවිටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. වෙඩික්කරු කවුරුදැයි හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන නමුත් ඔහුගේ විස්තර මාධ්‍ය වෙත හෙළි කර නැත. ඇමෙරිකාවේ ජීවත් වන සීක්වරුන් මුස්ලිම් ජාතිකයන් යැයි ඇතැම් ඇමෙරිකානුවන් අතර වැරදි වැටහීමක් ඇත. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකානුවන් තවමත් එරට ජීවත් වන මුස්ලිම් වැසියන් දෙස බලන්නේ වපර ඇසකිනි.



අදහස් (0)

ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site