IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ වැඩි පිරිසකට එන්නත් ලැබිලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට ‘කොවිඩ්-19’ මර්දනය ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයට අනුව සෑම ඇමෙරිකානුවන් දෙදෙනකුගෙන් එක් අයකුම පූර්ණ වශයෙන් එන්නත් කර ඇත.

සිය ජාතික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර මාස අටකට පසු මෙම සන්ධිස්ථානය පසු කර යෑමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 50ක් එනම්, 165,918,256ක් මේ වනවිට සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර ඇතැයි එරට රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 70.6ක් එනම් 182,368,493කට මේ වනවිට අවම වශයෙන් එක මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවැසීය.

ඉකුත් සිකුරාදා වනවිට ඇමෙරිකාව කොවිඩ්-19 එන්නත් මාත්‍රා 349,787,479ක් ලබා දී ඇති බෙදා හැර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 405,102,715ක් වේ.

ඇමෙරිකාව ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා යන සමාගම්වල මාත්‍රා දෙකකින් යුත් කොවිඩ්-19 එන්නත්වලටත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රවකින් සමන්විත කොවිඩ්-19 එන්නතටත් අවසර ලබා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ වැඩි පිරිසකට එන්නත් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site