ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 7 කි.
වෙඩි තැබීම සිදුවූයේ රිච්මන්ඩ් නුවර, ඇල්ටි්‍රයා රඟහල ඉදිරිපිටය. එම අවස්ථාවේ උසස් පාසලක උපාධි ප්‍රදානෝත්සවයක් රඟහලේ පැවැත්වෙමින් තිබුණි.
වෙඩි තැබීම කළේ 19 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. ඔහු සතුව ගිනි අවි හතරක් තිබුණු බව පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී.
වෙඩි ප්‍රහාරයට ලක් වී මියගියේ 18 හැවිරිදි ශිෂ්‍යයකු සහ උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීමට පැමිණි 36 හැවිරිදි තැනැත්තකු බව පොලිසිය පවසා ඇත.
වෙඩි තැබිම සිදුවෙද්දී, බියට පත් වී එම ස්ථානයෙන් දුවන්න වූ 9 හැවිරිදි දැරියක වාහනයක ගැටී ඇති බවත් ඇගේ තත්ත්වය බරපතල නොවන බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්