IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඇමෙරිකාවේ ලක්‍ෂ 80 ක් තවමත් කරුවලේ

සැන්ඩි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ උතුරු කැරොලිනා සිට ඉලිනෝයි ජනපදය තෙක් ජනපද 21 ක, ලක්‍ෂ අසූවක ජනයා විදුලි බලය නොමැතිව තවමත් පීඩා විඳින බව බලධාරීහු පවසති. කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ නිව්යෝක් නුවරට සහ නිව්යෝක් ප‍්‍රාන්තයටයි. කුණාටුවේ බලපෑම් හේතුවෙන් නිව්යෝර්ක් නුවර 18 දෙනකු මියගිය බව පුරපති මයිකල් බ්ලූම්බර්ග් පවසා ඇත. කුණාටුවේ ප‍්‍රබලත්වය මේ වන විට අඩුවෙමින් පවතින නමුත් තවමත් මහ  වැසි ඇදහැළෙමින් පවතී. කෙසේ නමුත් මේ වනවිට නිව්යෝර්ක් නුවර කටයුතු යළි යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි පුරපති බ්ලූම්බර්ග් වැඩි දුරටත් කියා සිටී. ඔහු ද ඊයේ (1) විපතට පත් වූවන් හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා සිටියේය. සහන කඳවුරුවල නැවැතී සිටින ලක්ෂ ගණනක් දෙනාට පහසුකම් සැපැයීම ගැනද සහන සේවකයන් සමඟ සාකච්ඡුා කළේය. සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් නුවර මුළුමනින්ම අඳුරේ ගිලී ගිය නමුත් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩා විඳින්නේ 1/3 ක නගර වැසියන් පිරිසක් යැයි ද නිව්යෝර්ක් පුරපතිවරයා වැඩි දුරටත් තියා සිටී. එම ප‍්‍රමාණය 1,50,000 කි. සැන්ඩි සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් නුවර ද ඇතුළු ඇමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ වනවිට 67 තෙක් ඉහළ ගොස් ඇත. නිව්යෝක් පුරපති සුළි කුණාටුවෙන් සිදුවූ විපත අධීක්ෂණය කරමින් උන්හිටිතැන් අහිමි වූ නිව්යෝර්ක් වැසියෝ



අදහස් (0)

ඇමෙරිකාවේ ලක්‍ෂ 80 ක් තවමත් කරුවලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1824 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site