ඇමෙරිකා රාජ්‍ය රහස් ලොවට හෙළි කළ ජුලියන් ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් ජාලය පෙරේදා (31) සයිබර් ප‍්‍රහාරයකින් අඩපණ විය. පරිගණක ආධාරයෙන් අන්තර් ජාලය හරහා ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට එල්ල වූ එම සයිබර් ප‍්‍රහාරයෙන් වෙබ් ජාලයේ සියලූ කටයුතු ඇණහිට ඇති අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි විකිලීක්ස් ආයතනයේ පරිගණක විශේෂඥයෝ පවසති. විකිලීක්ස් වෙබ් අඩවිය සහ එහි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකා රජයේ උදහසට ලක් වූයේ ඇමෙරිකා රාජ්‍ය සහ හමුදා රහස් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවය. ඉකුත් වසරේ පමණක් දින දෙකක් ඇතුළතදී විකිලීක්ස් හරහා ප‍්‍රසිද්ධියට පත් වූ රාජ්‍ය වාර්තා ගණන 250,000 කට වැඩිය. විකිලීක්ස් ආයතනය පවසන්නේ පෙරේදා එල්ල වූ එම සයිබර් ප‍්‍රහාරය පසුපස ඇමෙරිකා රජය සිටින බවය. ලෝකයේ අවධානය ලිබියාව සහ මැදපෙරදිග අර්බුද වෙත යොමුව තිබෙන අවස්ථාවක හොරෙ රහසේ විකිලීක්ස් වෙබ් අඩවිය අඩපණ කිරීමේ මෙහෙයුමක් ඇමෙරිකානුවන් ආරම්භ කර ඇතැයි ලන්ඩන් නුවර මූලස්ථානය කොට ගත් විකිලීක්ස් වෙබ් ජාලයේ ප‍්‍රකාශකයෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ඇමෙරිකාවේ රහස් හෙළි කළ ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට සයිබර් ප‍්‍රහාරයක්
කැඵම් Wednesday, 07 September 2011 10:22 AM
විකිලික්ස් වෙබ් අඩවියට හරිම බය වගේ පේනවි
ලංකා Saturday, 03 September 2011 09:16 AM
කොහොමත් අමෙරිකාව තමන්ගේ ලැජ්ජාව වහගන්නේ හැමදාම අනුන්ට රිදවලා ම තමයි.