IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි. 

තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි. 

වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

වෙඩි තැබීම සිදුවූයේ ‘ඇබන්ඩන්ට් ලයිෆ්’ නමැති පෞද්ගලික ක්‍රිස්තියානි පාසලේය. පෙර පාසලේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර, සිසුන් 400 කට වැඩි ගණනක් අධ්‍යාපනය ලබන බව පැවැසෙයි.



අදහස් (1)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට

පිටිගල මිලානෝ Tuesday, 17 December 2024 11:49 AM

ලෝකයේ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සමූහ ඝාතන අවුරුද්ද පතා බහුලව සිදුවන එකම රට ඇමරිකාවයි. සෝමාලියාවේ ද මේ තත්වය නැත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site