ඇමෙරිකා එක්සත් ජනපද නිදහස් දිනය සමරයි. ජූලි 4 වැනිදා එනම් නිදහස් දිනය සමරද්දී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා එන්නත් ලබා දීමට ජෝ බයිඩන් සැලැසුම් කර තිබුණත් එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පැවැසෙයි.
කෙසේ නමුත්, ඇමෙරිකාවේ ජනපද 50 න් ජනපද 20 ක් එම ජනපදවල වැසියන්ගෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී අවසන් බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත. ඇමෙරිකානු වසංගත රෝග පාලය සහ වැළැක්වීමේ ආයතනයට අනුව, මේ වනවිට සමස්තයක් ලෙස එක් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු 18 වැඩි ඇමෙරිකානුවන් ගණන සියයට 67 කි. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ඇමෙරිකානුවන් ගණන සියයට 58.1 කි.
ඇමෙරිකාවේ එන්නත්කරණ කටයුතු ඉතා වේගයෙන් සිදුවන නමුත්, තවමත් ඇමෙරිකානුවෝ බොහෝ දෙනා එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වති. ඔවුන්ගෙන් වැඩි දෙනා කළු ජාතික ඇමෙරිකානුවන්ය. ඔවුන් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එන්නත සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්වාසයක් නැති බවය. නිදහස් දිනය සමරමින් එන්නත් ලබා ලබාදීමේ විවිධ වැඩසටහන් රැසක් ඇමෙරිකාව පුරා ක්‍රියාත්මක කෙරුණි.
'අද ඇමෙරිකානුවන් නිදහස සමරන්නේ වයිරසය පාලනය කර ගැනීමට අපට හැකිවුණු නිසයි. එය කළ හැක්කේ සාර්ථක එන්නත්කරණයක් මගින් පමණයි. මා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යන්න. එන්නත ලබා ගන්න' යැයි ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පැවැසුවේය.
එන්නත් ගැනීමට අවුරුදු 18 වැඩි ඇමෙරිකානුවන් පොළඹවමින් නොමිලේ ක්‍රීඩා තරග සහ සංගීත සංදර්ශන නැරඹීමට ටිකට්පත් සහ කඩචෝරු බෙදා දීම, ගුවන් ටිකට්පත් නොමිලේ දීම, බියර් සහ මර්ජුවානා බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක් නිදහස් දිනය දා ඇමෙරිකාවේ ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක විය.
වයිරස ව්‍යාප්තිය පාලනය වූ බොහෝ නගරවල නිදහස් දින සැමරුම් උත්සව සහ මල්වෙඩි සංදර්ශන පැවැත් වුණු අතර, සමාජ දුරස්ථභාවය හැකිතාක් රැක ගනිමින් විනෝද වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බයිඩන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවුවත්, තවමත් කොරේනා ආසාදිතයන් අතින් සහ මරණ අතින් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකාවය. මේ වනවිට ඇමෙරිකාවේ 'ඩෙල්ටා' විකෘතිය ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් දිගටම සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඇමෙරිකාව නිදහස සමරයි