ටේරවොන් මාටින් නමැති 17 හැවිරිදි කළු ජාතික තරුණයා වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික ආරක්ෂක නිලධාරී ජෝර්ජ් සිමන්මර්, නිර්දෝෂී යැයි ෆ්ලොරීඩාහි සැන්ෆර්ඞ් නුවර අධිකරණය ලබා දුන් තීන්දුවට විරෝධය පාමින් ඊයේ (21) ඇමෙරිකාවේ නගර සියයක විරෝධතා පැවැත්විණි.
ඒ සෑම විරෝධතා රැලියකටම කළු ජාතිකයන් දෙදහසකට ආසන්න පිරිසක් එක් වී සිටියේ යැයි ඇමෙරිකා මාධ්‍ය වාර්තා කළේය.
ජෝර්ජ් සිමන්මර්, ටේරවොන් මාටින්ට වෙඩි තැබුවේ මංකොල්ලකරුවකු යැයි සිතාය. ඒ 2012දී ටේරවොන් මාටින් සුපිරි වෙළෙඳ සැළකට හොරෙන් ඇතුළු වූ අවස්ථාවකදීය. ඝාතන සිද්ධියෙන් පසු, ජෝර්ජ් සිමන්මර් අත්අඩංගුවට ගත් අතර නඩු විභාගය ඇරැඹිණි.
ටේරවොන් මාටින්ට, සිමන්මර් වෙඩි තැබුවේ ඔහු කළු ජාතිකයකු වීම නිසා බවත්, එය වර්ණවාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් බවත් පසුව අනාවරණය විය. සිමන්මර් යනු කළු ජාතිකයන් ගැන වෛරයකින් පසුවන ඇමෙරිකන් සුදු ජාතිකයකු බව ද හෙළිවිය.
සිමන්මර් සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගය අවසානයේ දී වරදකරු වූයේ සිමන්මර් නොව ඝාතනය වූ ටේරවොන් මාටින් බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.
ප‍්‍රථම කළු ජාතික ඇමෙරිකන් ජනපති ලෙස බැරැක් ඔබාමා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ නීතිය අකුරට පිළිපැඳීමට කටයුතු කළ යුතු බවය. ඔහු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසටය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ නගර 100 ක විරෝධතා රැලි
ධනුෂ්ක Monday, 22 July 2013 07:42 AM
ඇමෙරිකාවේ ඉන්න අපි දන්නවා උඩින් නොපෙනුනාට සුදු කළු බේදේ මෙහෙ කොයිතරම් සමාජය ඇතුලේ අළු යට ගිනි පුපුරු වගේ තියෙනවද කියලා. සාමාන්‍යයෙන් කළු ජාතිකයින් තමයි බොහෝ අපරාධ වලට මුල් වෙන්නේ. ඒ නිසා ඔවුන් ගැන ඕනෑම කෙනෙක් ඒ ආකාරයෙන් බලන එක හෝ සැක කරන එක වලක්වන්න බැහැ.බොහෝ කළු තරුණ පරපුර අධ්‍යාපනය පසෙක දාලා ඉක්මන් ක්‍රම වලින් මුදල් සොයන්න පෙලඹෙන බව සහ ඕනෑම අපරාදයක් කරන්න පසුබට නොවෙන බවත් පේනවා. (නි)
රිෂාර්ඩ් Monday, 22 July 2013 03:25 PM
ඇමෙරිකාව පස්සෙන් ඉන්න කටිටිය කව්ද කියලා ළඟදීම වැටහේවි මේ ජනතාවට (නි)