IMG-LOGO

ඇමෙරිකාවේ ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ගුවන් ගමන් පාලන පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල විය. ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලනය සිදුවන්නේ ‘නෝටාම්’ නමැති පරිගණක පද්ධතියේ ආධාරයෙනි. තාක්ෂණික දෝෂය හටගත්තේ මෙම පද්ධතියේය.

තාක්ෂණික දෝෂය හේතුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන්වලට පමණක් නොව ජාත්‍යන්තර ගුවන්ගමන්වලට ද බාධා එල්ල විය. මගීන් දස දහස් ගණනකට ගුවන්තොටුපොළවල පැය ගණනක් රැඳී සිටීමට සිදුවිය.

ගුවන් ගමන් 5,400 ක් ප්‍රමාද කිරීමට මෙම තාක්ෂණික දෝෂය හේතුවක් වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය පසුව පැවැසීය.

කෙසේ නමුත් පැය කීපයක් යද්දී, දෝෂය නිවැරදි කිරීමට හැකිවිය. ඒ අනුව, ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 70 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site