IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකාවේ ගිනිඅවි පිළිබඳ නීති සංශෝධනයට ඔබාමාගේ දැඩි අවධානය

(ඒ.එෆ්.පී* ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමට එළඹෙන වසර මුලදී  පියවර ගැනීමට තමා සූදානමින් සිටින බව ජනපති බැරැක් ඔබාමා ඊයේ(20) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. පසුගියදා නිව්යෝර්ක් නුවරට යාබදව පිහිිටි කනෙක්ටිකට්හි පාසලක ඉගෙනුම ලැබූ කුඩා දරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන ගිනිඅවි නීති සංශෝධනය පිළිබඳව ඇමෙරිකා රජයේ දැඩි අවධානය යොමු විය. ගිනිඅවි භාවිතයට අදාළ නව නීති කෙටුම්පත් කිරීම සඳහා උප අගමැති ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මෙම ගිනි අවි නීති සංශෝධනයට අදාළ යෝජනාවලිය මෙම කමිටුව විසින් එළඹෙන ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය. ‘‘ දේශපාලන බෙදීම් මධ්‍යයේ එය එතරම් පහසු කටයුත්තක් නොවන වග අප දන්නවා. ගිනිඅවි පිළිබඳ ගැටලූව ඉතා සංකීරණ එකක් මෙන්ම කිසිවක් නොකර සිටීමෙන් ඊට නිසි පිළිතුරක් නොලැබේ.’’ යනුවෙන් ජනපති ඔබාමා පැවැසීය. හමුදා කටයුතු සඳහා භාවිතා කරන ප‍්‍රහාරක අවි තහනම් කිරීමට ඇමෙරිකානු ජනතාව කැමැත්ත පළ කරනු ඇතැයි ද ජනාධිපතිරයා සඳහන් කළේය. නව නීති කෙටුම්පත් කිරීම සඳහා අදහස් ලබා ගැනීමට රටේ සිටින ප‍්‍රධාන නීතිවේදීන් හමුවීමට අගමැති ජෝ බයිඩන් ඇතුළු කමිටුව සූදානමින් සිටී.



අදහස් (0)

ඇමෙරිකාවේ ගිනිඅවි පිළිබඳ නීති සංශෝධනයට ඔබාමාගේ දැඩි අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site