IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඇමෙරිකාව කැලඹූ අයිරින්

නිවර්තන කලාපීය සුළි කුණාටුවලින් ඇමරිකාව සෑම වසරකම පාහේ බැටකයි. නිවර්තන සුළි කුණාටු යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ප‍්‍රදේශයක පැතිරී අඩු පීඩන තත්ත්වයන් වටා කැරකැවෙන කුණාටු පද්ධතියකි. අත්ලන්තික් සාගරයේ ඇතිවන මෙවැනි අඩුපීඩන තත්ත්වය හේතු කොට ගෙන ඇතිවන ප‍්‍රබල සුළි කුණාටු ඇමෙරිකාවට බලපෑම් එල්ල කරනුයේ සෑම වසරකම ජූනි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා වූ කාලයේ බව කාලගුණ විද්‍යාඥයන්ගේ නිගමනයයි. අත්ලාන්තික් සුළි කුණාටු සමය යනුවෙන් ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වන මේ කාලයේදී ජීවිත හා දේපල හානි සිදුකරමින් ඇති කරන ස්වභාවික බලපෑම මෙවරත් ඇමෙරිකාවට පීඩා එල්ල කළේ කිසිවකුත් නොතකමිනි. මහවැසි සහ තද සුළං ද සමඟින් ඉකුත් 26 වැනි සිකුරාදා ඇමෙරිකාවට කඩා වැදුණු සුළි කුණාටුව ඇමෙරිකානු වැසියන්ගේ සියලූ දෛනික වැඩ කටයුතුවලට බාධා එල්ල කළේය. "අයිරින්” ලෙස ලෝක කාලගුණ විද්‍යාඥයන් නම් කළ ඒ සුළි කුණාටු පැයට කිලෝමීටර් 170ක වේගයෙන් ඇමෙරිකාව දෙසට ඇදී ආවේ සිත්පිත් නොමැති මාරයකු ලෙසිනි. ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප‍්‍රදේශයට අයිරින් සුළි කුණාටුවෙන් ප‍්‍රථමයෙන් බලපෑම් එල්ල වූ අතර පසුව එය එරට නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ ඉහළට ඇදී ගිය බව ඉකුත් සති අන්තයේදී ඇමෙරිකා කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කෙළේය. අත්ලාන්තික් සුළි කුණාටු සමය අරඹමින් ඇමෙරිකාවට දරුණු ස්වභාවික ව්‍යසනයක් එල්ල කළ අයිරින් සුළි කුණාටුව නිසා ඉකුත් 29 වැනිදා වන විට එරට ප‍්‍රාන්ත හයකට අවදානම් තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කෙරුණි. විශාල ප‍්‍රදේශයක පැතිරුණු අඩුපීඩන තත්ත්වයක් වටා කැරකැවෙන සිරස් වාසුළි සහිත නිවර්තන සුළි කුණාටු තත්ත්වයන් ඇතිවීමේදී තද සුළං හා මහවැසිද හටගනු ලැබේ. නිවර්තන සුළි කුණාටුවල ශක්තිය ඇති වන්නේ සාගර ජලය වාෂ්ප වී වායුගෝලයට එකතුවීමෙන් සංතෘප්ත වන වායුව ඉහළ නැඟීමත් සමග වීම විද්‍යාත්මක හේතුවකි. මෙමගින් සනීභවනය වන ජල වාෂ්ප සිරස්ව ඉහළ නැඟීමත් ප‍්‍රදේශයේ ඇතිවන විශේෂ තාපයක් නිසා මෙවැනි කුණාටු හටගනී. වෙනත් සුළි කුණාටුවකට වඩා නිවර්තන සුළි කුණාටු වෙනස් වන්නේ එහි මැද උෂ්ණත්වය ඒ වටා ඇති උෂ්ණත්වය වැඩිවීමෙන් බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. අයිරින් සුළි කුණාටුව බහාමාස් රාජ්‍ය හරහා ඇමෙරිකාව දෙසට ඇතුළු වූයේ හයිටි, පුවර්ටෝ රිකෝ, ඩොමිනිකන් ජනරජය ඇතුළු සමස්ත කැරිබියානු ඳුපත් කැලඹීමකට පත් කිරීමෙන් අනතුරුවය. ජීවිත කිහිපයක් එයින් විනාශවී ගිය අතර එම සුළි කුණාටුව ඇමරිකාවට කඩා වදින බව මුලින්ම දුටුවේ නාසා ආයතනයේ පෘථිවි කක්ෂය මත රැඳවූ කාලගුණ චන්ද්‍රිකා බව ප‍්‍රංශ පුවත්පත් වාර්තා හි සඳහන් විණි. මේ වන විට දින තුනක් පුරා අයිරින් සුළි කුණාටුව ඇමෙරිකාවට බලපෑම් එල්ල කර තිබෙන අතර ඉන් මියගිය සංඛ්‍යාව 37ක් ලෙස 30 වැනිදා වන විට ගණනය කර තිබිණි. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ උතුරු ප‍්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිලියන 5කට ආසන්න ජනතාවකට විදුලිබලය ඇණ හිට ඇති අතර, අයිරින් සුළි කුණාටුව නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක ආර්ථික පාඩුවක් ඇමෙරිකාවට සිදුවී ඇත. අයිරින් සුළි කුණාටුව කාලගුණ විද්‍යාඥයන් විසින් ප‍්‍රබලත්වයෙන් අංක 03ක් යැයි කී ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වූ අතර එය ෆ්ලොරිඩාව, උතුරු කැරොලිනා, නිව් ජර්සි යන ප‍්‍රාන්ත කැළඹීමට පත් කළේය. අයිරින් නිව්යෝර්ක් නුවරට කඩා වැදුනේ පසුගිය සති අන්තයේදීයි. අයිරින් කුණාටුව ගැන අනතුරු ඇඟවූ කාලගුණ විද්‍යාඥයන් ජනතාවට එයින් බේරීමට ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස දැන්වීය. ඉකුත් සති අන්තය වන විට සැතපුම් 580ක් පුරා පැතිර තිබූ සුළිකුණාටුව සමඟ ඇද හැළුණු මහවැසි නිසා නිව්යෝර්ක් නුවරට හදිසි ගංවතුර තත්ත්වයක්ද බලපෑවේය. ඉන් ඇමෙරිකාවේ හදවත බඳු නිව්යෝර්ක් නගරයේ උමංදුම්රිය ධාවනය ඇණහිටීම්, විදුලි බලය ඇණහිටීම් ආදී දෛනික සේවා කටයුතුවලට බාධා එල්ල විය. මේ අතර අයිරින් සුළි කුණාටුව නිසා ඇමෙරිකාව තවමත් අනතුරුදායක තත්ත්වයක පවතින බව ජනාධිපති බැරැක් ඔබාමා වොෂින්ටන් නුවර සිට ජාතිය අමතමින් පැවසීය. ඔහු එහිදී කීවේ රට තවමත් අවදානම් තත්ත්වයක පවතින නිසා ජනතාව බලධාරීන්ගේ උපදෙස්වලට අනුව ක‍්‍රියා කළයුතු බවයි. සුළි කුණාටුව නිසා නිව්යෝර්ක් නුවර පහත් බිම් ප‍්‍රදේශවල සිට ලක්‍ෂ 3කට අධික ජනතාවක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් රජයේ බලධාරීන් කටයුතු කළ බව ජනාධිපති ඔබාමා ප‍්‍රකාශ කළේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වූයේ එරට විදුලිබල පද්ධතියට බවයි. අයිරින් සුළි කුණාටුව මේ වන විට ඇමෙරිකාවේ උතුරු ප‍්‍රදේශයේ සිට කැනඩාව දෙසට ගමන් කරමින් තිබෙන අතර, කැනඩාවේ ඊසාන දිග ප‍්‍රදේශයට ළඟා වී ඇති බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තාවලින් ඉකුත් 31 වැනිදා වන විට වාර්තා වූයේය. කෙසේ වෙතත් ආර්ථික අර්බුද හමුවේ ඇමෙරිකාව අයිරින් සුළි කුණාටුව නිසා කබලෙන් ළිපට ඇද වැටී ඇති බව අප සැමට පෙනෙන්ට තිබේ. සුළි කුණාටුවේ හානිය හේතුවෙන් රක්ෂණ සහ නැවත ඉදිකිරීම් වියදම් ඩොලර් බිලියන් ගණනක් වනු ඇතැයි ඇමෙරිකානු බලධාරීහු සැක පළකර සිටිති.

(ප‍්‍රංශ පුවත් සේවය ඇසුරෙනි)



අදහස් (0)

ඇමෙරිකාව කැලඹූ අයිරින්

පාලිත Tuesday, 06 September 2011 05:55 PM

සවභාවධර්මයාගෙන් පාඩමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site