පාකිස්තාන කණ්ඩාමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් කැනඩාවේ ටොරන්ටෝ ගුවන් තොටුපළේ දී ඇමරිකා බලධාරීන් විසින් රදවාගෙන ප්‍රශ්න කරනු ලැබ ඇතැයි වාර්තා වේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය බලා පියාසර කරන ගුවන් යානයකට නැගී සිටින විට ගුවන් තොටුපලේ සිටි ඇමරිකා බලධාරීන් තමන් ගුවන් යානයෙන් බස්සවා ප්‍රශ්න කිරීම් සදහා රැගෙන ගිය බව ඉම්රාන් ඛාන් පවසයි. ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරක යානා පාකිස්තානයේ සිදුකරන මෙහෙයුම් පිළබදව තමා දරන ස්ථාවරය පිළිඹදව ඔවුන් ප්‍රශ්න කළ බව ඔහු කියයි. ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහුට ඇමරිකාව බලා පියාසර කිරීමට අවසරය දී ඇති අතර හෙතෙම නිරුපදි්‍රතව ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ළගා වී තිබේ. කි්‍රකට් කි්‍රීඩාවට සමු දීමෙන් පසු කි්‍රයාකාරී දේශපාලනයට අවතීර්ණ වූ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ දේශපාලන නායකයෙකි.ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානා (නියමුවන් රහිත ප්‍රහාරක යානා) පාකිස්තානයේ සිදුකරන මෙහෙයුම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා ඔහු පාකිස්තානයේ මෙන්ම අන්තර්ජාතික තලයේද නිරන්තර අවධානයට ලක් වෙයි. ඇමරිකාවේ ඩ්‍රෝන යානා එල්ල කරන ප්‍රහාර වලින් මේ වන විට පාකිස්තානුවන් 3000 ක් පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.මේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල වන්නේ අල් කයිඩා හා තලේබාන සංවිධාන වල සාමාජිකයන් සිටිනා බවට සැක කෙරෙනා පාකිස්තානයේ දකුණු වසිරිස්තාන ප්‍රදේශයටය.බොහෝ අවස්ථාවන්හි සාමාන්‍ය වැසියන්ද මේ ප්‍රහාර වල ගොදුරු බවට පත්වන බවද සදහන්ය. මේ මරණ සම්බන්ධයෙන් පාකිස්තාන රජයට ඇගිල්ල දිගු කරනා ඉම්රාන් ඇමරිකාවට පාකිස්තානයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ඉඩ දීම ගැන චෝදනා කරයි.පාකිස්තාන රජය වරක් ඉම්රාන් ඛාන් ඇමරිකාවට එරෙහිව සංවිධානය කිරීමට යෙදුනු විරෝධතාවක්ද නැවැත්වීමටද කටයුතු කර ඇත. (කෝ වි ගු)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇමරිකාව ඉම්රාන්ගෙන් ප්‍රශ්න කරයි
නිමල් Sunday, 28 October 2012 05:31 PM
බෝම්බ පුපුරුවන්න අල්කයිඩා එකේ අයට සල්ලි දෙන්න ආවාවද්ද? (නි)