IMG-LOGO

ඇමෙරිකාව ඇෆ්ගන් ජනපතිගේ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි

තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබී නැති බවත්, 2014 වසරෙන් පසුවත් ඔවුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සූදානම් වන බවත් සඳහන් කරමින් ඇෆ්ගන් ජනපති කර්සායි තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ඇමෙරිකාව පවසයි.
තලෙයිබාන් සංවිධානය එල්ල කරන ප‍්‍රහාරවල මුවාවෙන් ඇමෙරිකාව තව දුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට උත්සාහ දරන බවට ජනපති කරන චෝදනා සාවද්‍ය බව ද ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි අවධාරණය කර කියා සිටී.
ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි මේ බව සඳහන් කළේ ඉකුත් 10 වැනිදා ඇෆ්ගන් ජනපති ජාතිය අමතා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් වශයෙනි. ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානයට ද ජනපති කර්සායි එම අවස්ථාවේදී දොස් පැවැරීය.
ඇෆ්ගන් ජනපති මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් චක් හේගල් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
‘ඇෆ්ගනිස්තානය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමෙරිකානු සෙබළුන් සිය රුධිරය හෙළා ඇති අතරම විශාල ධනයක් ද වැය කර තිබෙනවා. ඒ සියල්ලක්ම සිදු කළේ ඇෆ්ගන් වැසියන්ට සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසාදීමටයි.’ ධවල මන්දිර ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
ලබන වසරේ එනම් 2014 දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමට නියමිතව සිටී. ඇමෙරිකා හමුදා එසේ පිට වී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කර ඔවුන් ශක්තිමත් කිරීමෙන් ද පසුවය. එම පුහුණු කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
ජනපති කර්සායි බිය පළ කරන්නේ විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඉරාකයේ සිදු වන අයුරින් ඇෆ්ගනිස්තානයේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙතියි යන්න ගැනය.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම මාවතකට පිවිසීමටත්, පවතින අර්බුදයට දේශපාලනික විසඳුම් සෙවීමටත් කර්සායි 2004 වසරේ සිටම කටයුතු කළේය. ඒ සඳහා ඔහු සාම මණ්ඩලයක් ද පිහිටුවීය. එම සාම මණ්ඩලයේ නියෝජිතයෝ රැුසක් පසුගිය වසරවලදී තලේබාන් සටන්කාමීන් අතින් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර කර්සායිගේ සොහොයුරා ද වෙයි.



අදහස් (0)

ඇමෙරිකාව ඇෆ්ගන් ජනපතිගේ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි

කුමාර Wednesday, 13 March 2013 10:24 AM

සිහිබුද්දියෙන් ඇසිය යුතුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site