IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් රුසියාවට තරවටු

රුසියාව තවදුරටත් යුක්රේන අර්බුදයට බලපෑම් කරන්නේ නම් රුසියාවට එරෙහිව සම්බාධක දමන බව ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ දී ප්‍රකාශකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමගින් දුර්වලව ඇති රුසියාවේ ආර්ථිකය තවදුරටත් දුර්වල වනු ඇතැයි ද ඔබාමා පවසා ඇත.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරණ්නේ නව ආර්ථික සම්බාධක රුසියාවට එරෙහිව දමන බවයි එමගින් රුසියාවේ දුර්වල ආර්ථිකය තව දුරටත් දුර්වලවන බවයි. නව සම්බාධක අතර ඇමරිකානු වැසියන්ට රුසියාවේ බැංකු තුනක් සමග ගනුදෙනු කිරීම තහනම් කිරීම මෙහි එක් පියවරකි.

නැගෙනහිර යුක්රේනයේ සිටින  රුසියානු කැරලි කරුවන්ට තව දුරටත් රුසියාව සහයෝගය දෙන්නේ නම් මෙම නව සම්බාධකය මගින් රුසියාවේ වියදම් වැඩි කර ලීම එක් ඉලක්කයකි.

මොස්කව් පාලනය විසින් ප්‍රකාශ කර ඇත්තේ  කැරලිකරුවන්ට බර අවි සපයන බවට ඇමරිකාව සහ යුරෝපා සංගමහ කරණු ලබන ප්‍රකාශ සත්‍ය ඒවා නොවන බවයි.

ඔබාමා පවසන්නේ ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක තවදුරටත් වැඩිකරන බවයි බවයි. එහි ඉලක්කය රුසියානු ආර්ථිකයේ ප්‍රධාන අංශ වන බලශක්ති, ආයුධ සහ මුල්‍ය යන අංශ දුර්වල කිරීමයි.

මීට ඉහත ඇමරිකාව මගින් රුසියාවේ ඛනිජ තෙල් අංශය,ආරක්ෂක උපකරණ සහ සූක්ෂ්ම තාක්ෂණකටයුතු වලට නව සම්බාධක පැනවීය.



අදහස් (0)

ඇමෙරිකාවෙන් රුසියාවට තරවටු

සම්පත් Wednesday, 30 July 2014 07:17 AM

ඔන්න දැන් කොට්ටෝරුව කෙසෙල් ගහට කොටන්න ළගයි (නදී)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 30 July 2014 01:45 PM

ඔය තහංචි අමුඅමුවේ අහිංසක කාන්තාවන්, දරුවන් මරණ, සරණාගත කඳවුරු වලට බෝම්බ හෙලන ඊශ්‍රායලයට කෝ?? (නි)

:       0       1

ඉන්දු Wednesday, 30 July 2014 09:09 AM

ඇමෙරිකාවේ තරම් හිඟන්නෝ රුසියාවේ නැතුව ඇති මම හිතන විදිහට. කෝ ඉතින් කලිනුත් සම්බාධක දැම්මනේ... ඕව කියල රුසියාව බය කරන්න බැහැ..(අ).

:       0       0

නලින් යහම්පත් Wednesday, 30 July 2014 09:09 AM

ඇමරිකාව අද ලෝකයට අණ දෙන , ඔහුට අවශ්‍ය විදියට රටවල් නටවන ලෝකයේ පොලිස් කාරයා බවට පත් වෙලා , ඇමරිකාවට පක්ෂපාති නැති , ඔහුට අවාසිසහගත ඕනෙම රටක රජයක් නැති කිරීමත් හෙළා දැකීමත් , තහංචි දැමීමත් ඔවුන් කරන්නේ ඒ නිසාය (අ)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 09:35 AM

උතුරු කොරියාවේ පොඩි එකාටත් සවුත්තු වෙලා පච උනා මදිවට මෙදාපාර පොලිස් කාරයා සවුත්තු වෙන්නේ රුසියාවෙන් !අර කොට්ටෝරුවාට උනදේ වගේ ! (අ)

:       0       0

ඉන්දික Wednesday, 30 July 2014 11:45 AM

ඔබාමාත් හරියට පොඩි එකෙක් වගේ, කටට එන එක කියනවා. ඇමරිකාව මොනවා කිව්වත් රුසියාව වට්ටන්න බැහැ. ආර්ථිකය අතින් දුර්වල වුණාට යුදමය අතින් ඉතා ශක්තිමත් රටක්. අනික රටේ නායකයා පුටින් ඉතා හොඳ, කෙළින් ඉන්න නායකයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site