IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියෙක් හමුවෙලා

දශකයකට පසු ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වෙයි. මෙම පෝලියෝ රෝගියා වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයෙන් බව ජනපද සෞඛ්‍ය බලධාරීහු පවසති.

නිව්යෝක් ජනපද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මෙම පෝලියෝ රෝගියා මැන්හැටන් සිට කිලෝ මීටර් 48 ක් උතුරින් පිහිටි රොක්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

පෝලියෝ රෝගියාගේ පසුබිම් විස්තර සොයා බැලූ බවත්, රෝගය ආසාදනය වී ඇත්තේ ඇමෙරිකාවේදී නොව විදේශයකදී බවත් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. ඇමෙරිකා වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ඒකකයට අනුව, අවසන් වරට ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වූයේ  2013 ය.

පෝලියෝ එසේත් නැතිනම් ‘පෝලියෝමිලයිටිස්’ යනු පෝලියෝ වයිරසය නිසා ඇති රෝගී තත්ත්වයයි. පෝලියෝ වයිරසය සුෂුම්නාව ආසාදනය වී අංශභාගය ඇති කරයි.

පසුගිය ජූනි මාසයේ එංගලන්තයේ ලන්ඩන් නුවර, අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පැවැසීය.

හමුවුණු එම පෝලියෝ විෂබීජ ඇතුළත් සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමු කිරීමට ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

ලන්ඩනයෙන් මෙසේ පෝලියෝ විෂබීජ හමුවූයේ එන්නත්කරණය හරහා මහා බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දමා දශක දෙකකට පසුවය. කෙසේ නමුත් තවමත් මහා බ්‍රිතාන්‍යයෙන් කිසිදු පෝලියෝ ආසාදිතයකු වාර්තා වී නැත.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියෙක් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site