ඇමරිකාවේ ඔබාමා රජය එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම මගින් කලාපීය ආරක්ෂාවට බලපෑමක් නොවනු ඇතැයි පෙන්ටගනය කියයි.
‘අපි හිතන්නේ නෑ ඒක ඉන්දියාවට ගැටළුවක් වෙයි කියලා. අපි හිතනවා මේක උදව්වක් වෙයි කියලා පකිස්තානයේ ත්‍රස්ත මර්දනයට. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවටත් වැදගත් වේවි‘ යනුවෙන් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක පීටර් කුක් පවසයි.
එෆ් 16 න්‍යෂ්ඨික ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට අලෙවි කිරීමට ඇමරිකා ජනපති ඔබාමාගේ රජය පසුගිය පෙබරවාරි 13 තීරණය කළ අතර ඒ සඳහා ඩොලර් මිලියන 700ක් වැයවන බව පකිස්තාන ආරංචි කියයි.
ඉන්දියාට ඒ සම්බන්ධයෙන් සිය විරෝධය ඇමරිකා තානාපති රිචඩ් වර්මාට ප්‍රකාශ කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකාවෙන් පකිස්තානයට ප්‍රහාරක ජෙට් යානා
සහන Wednesday, 17 February 2016 05:12 PM
දැන් ඉන්දියාවට ගුවන් යානා ගැන ප්‍රශ්නයක් තියන්නේ කලින් අපිට පකිස්ථානයෙන් ගන්න එපා කිව්වා දැන් පකිස්ථානයට දෙන්න එපාලු එතකොට ඒගොල්ලන්ට විතරද පුළුවන් ගුවන් යානා ගන්නයි විකුනන්නයි (රේ)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 17 February 2016 09:24 AM
එම කලපෙයේ ඔවුන්ගේ සතුරා ඉන්දියාව සතුටු වෙන එකක් නැහැ , ඇමරිකාව කොහොමත් එදා සිට රටවල් යුද ගිනි අවුලන්න කටයුතු කරනවා මිසක ලෝකයේ සමයට අත දෙන්නේ නැහැනේ.(හේ)
විශ්ව අටුලුගම්ගේ Wednesday, 17 February 2016 07:48 PM
එෆ්16 කියන්නේ න්‍යෂ්ඨික ප්‍රහාරක ගුවන් යානයක්ද? (නි)
ඉන්දික මනෝජ් Wednesday, 17 February 2016 07:04 AM
අසියාවටත් වැඩේ දෙන්නයි හදන්නේ. (ර)
ලහිරු Wednesday, 17 February 2016 07:25 AM
අපි පකිස්තානෙන් ගත්තොත් තමයි ඉන්දියාවට ප්‍රශ්නෙ. (ර)
බෙනට් Wednesday, 17 February 2016 02:25 PM
අපි අපේ ජාතික ආරක්ෂාවට පාකිස්තානේ ගුවන් යානා ගද්දි පාකිස්තානේ ජාතික ආරක්ෂාවට පාකිස්තානේ ඇමරිකාවේ ගුවන් යානා ගන්නවනේ .. (බ)
සංජීව Wednesday, 17 February 2016 07:45 AM
ලන්දේසි පෘතුග්‍රීසි එන්ගිරිසි ආසියාව මංකොල්ල කලා ගිය, දැන් එළිපිට ඇමරිකාවෙන් එනවා. යුද්ධ කරලා අල්ල ගන්න බැරි රටවල් තමන්ගේ අවනතෙට ගන්න බැරි රටවල් විවිධ විවිධ උපක්‍රම මගින් යටත් කර ගැනීමේ වැඩක්. දැන් ඉතින් චීනයට ගහන්න තමයි ඔය ඔක්කොම කරන්නේ. (ර)
රංග Wednesday, 17 February 2016 02:34 PM
ඉන්දියාවට හොඳ කනේ පාරක් දීල...!!! (බ)