ඉරාන සමාගම් කිහිපයක් ද ඇතුළත්ව ඉරානයට නව සම්බාධක පැනවීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අවධානය යොමු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඇමෙරිකා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉරානය ඇතුළු රටවල් 7 ක ජාතීන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළේය. ඉරානයේ සමාගම් රැසකට සම්බාධක පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙන අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය, අවි ආයුධ වෙළෙඳාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරානයට සම්බාධක පැනවීම සඳහා විධායක නියෝගයක් පැනවීමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණය සමයේදීද ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සමාගම් සහ ස්වාධීන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් පනවන සම්බාධකවලින් ඉරානය සහ ඇමෙරිකාව ද ඇතුළුව ලෝක බලවතුන් හය දෙනකු අත්සන් කළ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට බලපෑමක් නොවන බව ද ධවල් මන්දිර ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකාවෙන් ඉරානයට සම්බාධක