බීරූට්හිදීය (රොයිටර්ස්)
ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ නායකයකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
එම ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක ප්‍රාණ ඇපකරුවන්ගේ හිස ගසා දැමූ පුද්ගලයා යැයි ද පැවසේ.
“අද උදේ ඒකාබද්ධ හමුදා අග්නිදිග සිරියාවේ නිශ්චිත ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළා. අයි.එස්.අයි.එස්. නායකයන් සිටින ඉලක්ක කිහිපයකටම ප්‍රහාර එල්ල කළා. අබු අල් උමාරයින් සිටි ස්ථානයකටත් ගුවන් ප්‍රහාර එල්ල කළා” යැයි අයි.එස් සංවිධානයට එරෙහිව සටන් වදින ඒකාබද්ධ හමුදාවල ඇමෙරිකා නියෝජිත බ්‍රෙට් මැක්ගර්ග් පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහන සේවකයකු වන පීටර් කසීග් ඇතුළු අයි.එස්. සංවිධානයේ අත්අඩංගුවේ සිටි සිරකරුවන් කිහිපදෙනකු ඝාතනය කිරීමට අබු අල් උමාරයින් වගකිව යුතු යැයි පැවසේ. පීටර් අයි.එස් සංවිධානය විසින් අල්ලා ගනු ලැබුවේ ඔහු සිරියාවේ සිටියදීය. අත්අඩංගුවේ සිටි පීටර්ගේ හිස ගසා දැමුවේ 2014 වසරේ දී යැයි ද මැක්ගර්ග් කීය.
නැගෙනහිර සිරියාවේ බාදියා කාන්තාරයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් තවත් අයි.එස්. නායකයන් කිහිපදෙනකු මිය ගිය බවත් ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයට එරෙහිව සටන් වදින ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවල ප්‍රකාශක කර්නල් ෂෝන් රයන් පැවැසීය.
මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරිදා යැයි ද රොයිටර්ස් පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබිණි.
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස්.නායකයකු මරුට