ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පරිපාලනයේ ආරක්ෂක ලේකම් (ඇමැති) ලෙස කටයුතු කළ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 88 කි.
ඇමෙරිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආරක්ෂක ලේකම් ලෙස, ඇමෙරිකාව ඉරාකයට පහර දිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයට පහර දිය යුතු බවත් අවධාරණය කරමින්, ජනාධිපති බුෂ් විදෙස් සංග්‍රාම සඳහා යොමු කළ තැනැත්තා වන්නේ රම්ස්ෆෙල්ඩ් ය.
රම්ස්ෆෙල්ඩ්, ජෝර්ජ් බුෂ්ගේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ 2001 සිට 2006 තෙක් කාලයේය.
ඊට පෙර, රම්ස්ෆෙල්ඩ් ඇමෙරිකන් ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ 1975 සිට 1977 තෙක් කාලයේ ද ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ධුරය හෙබවීය. එදා ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ධුරයට පත් වුණු ළාබාලතම තැනැත්තා වූයේ ද රම්ස්ෆෙල්ඩ් ය.
වොෂින්ටනයේදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇමෙරිකන් හිටපු ආරක්ෂක ලේකම් මියයයි