IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් සොල්දාදුවෙක් උතුරු කොරියාවට පැනලා

දකුණු කොරියානු දේශසීමා හරහා උතුරු කොරියාවට ඇතුළු වුණු ඇමෙරිකන් සොල්දාදුවකු උතුරු කොරියානු හමුදාව අත්අඩංගුවට පත්විය.

උතුරු කොරියා අත්ඩඅංගුවට පත්වූයේ ඇමෙරිකන් සෙබළ ටේ‍රවිස් කිංග් බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත. උතුරු කොරියානු හමුදාව විසින් ටේ‍රවිස් කිංග් අත්අඩංගුවට ගනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද තහවුරු කර ඇත.

කිංග් ඇමෙරිකන් හමුදාවට එක් වී ඇත්තේ 2021 ජනවාරියේය. දකුණු කොරියාව සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව, ඇමෙරිකන් හමුදා කඳවුරු දකුණු කොරියාවේ පිහිටුවා ඇත. කිංග් දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.

තවත් සොල්දාදුවකුට පහර දුන්නේ යැයි කිංග්ට චෝදනා එල්ල වී තිබුණු බවත්, ඔහු දින 50 ක් දකුණු කොරියාවේ හමුදා රැඳවුම් කඳවුරක සිටි බවත් පැවැසෙයි. කිංග් සිවිල් වැසියකු ලෙස දේශසීමා හරහා උතුරු කොරියාවට ලොස් ඇත්තේ රැඳවුම් කඳවුරෙන් නිදහස ලැබීමෙන් පසුවය.

උතුරු කොරියානු රජය ද පවසා ඇත්තේ ඇමෙරිකන් සොල්දාදුවා සිය කැමැත්තෙන් දේශසීමා හරහා පැමිණි අයකු බවය. තමන් ටේ‍රවිස් කිංග් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ඇමෙරිකන් හමුදාව අවධාරණය කර ඇත. කිංග් හමුදාවෙන් පලා ගිය අයකු ලෙස සලකන බව ද ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

මේ අතර ඇමෙරිකානු නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික බලැති සබ්මැරීනයක් දකුණු කොරියාවේ බුසාන් නුවර වරායට සේන්දු විය.  සබ්මැරීනය දිගුදුර බැලැස්ටික් මිසයිලවලින් සන්නද්ධය. මෙවැනි සබ්මැරීනයක්, මෙසේ දකුණු කොරියාවට පැමිණියේ දශක ගණනකට පසුවය.

සබ්මැරීනය දකුණු කොරියාවට පැමිණීම සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි විරෝධය ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පළ කර තිබේ. ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් විරෝධය පළ කරමින් තම මිසයිල ශක්තිය පෙන්වමින්, ඕනෑම විදියක යුද ශීර්ෂයක් සවි කළ හැකි උතුරු කොරියාව දිගුදුර බැලැස්ටික් මිසයිලයක් ද අත්හදා බැලුවේය.



අදහස් (0)

ඇමෙරිකන් සොල්දාදුවෙක් උතුරු කොරියාවට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 218 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site