IMG-LOGO

ඇමෙරිකන් සෙබළුන් 3,000 ක් යුරෝපයට

නැගෙනහිර යුරෝපා රටවලට ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් අණ දුන්නේය. ඒ අනුව, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින යුද උණුසුම තවත් උණුසුම් වී තිබේ.

ඉදිරි දින කීපයක ඇතුළත, මෙම සොල්දාදුවන් පිරිස යැවෙනු ඇත්තේ නැගෙනහිර යුරෝපා රටවල් වන ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාවට යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ ජනාධිපති බයිඩන් මෙසේ සොල්දාදුවන් නැගෙනහිර යුරෝපා රටවලට යැවීමට තීරණය කළේ පවතින ‘ආරක්ෂක වාතාවරණය’ සැලකිල්ලට ගනිමින් බවය.

ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, ජර්මනියට යැවෙන ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 1,000 කි. ඉතිරි සොල්දාදුවන් ද 1,000 බැගින් පෝලන්තයටත්, රොමේනියාවටත් යැවෙයි.

ඇමෙරිකාව පමණක් නොව, ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාව ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සාමාජික රටවල්ය. ඇමෙරිකන් හමුදා කඳවුරු මෙම රටවල පිහිටුවා ඇත.

යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත්තේ ද යුක්රේනය ‘නේටෝ’ සංවිධානයට හිතවත් ආකාරයට කටයුතු කිරීම සහ එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමය.

ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැනීම සිදුවූයේ ද රුසියාවෙන් එල්ල වන තර්ජන සහ අභියෝග පිටුදැකීමේ අරමුණ ඇතිවය.

පැරැණි සෝවියට් දේශයට අයත් යුක්රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටී. යුක්රේනය, නේටෝ සාමාජිකයකු නොවන, නේටෝ සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන, නේටෝ සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටින රටකි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි මාස කීපයක පටන් රුසියන් සොල්දාදුවන් දස දහස් ගණනක් යුක්රේන රුසියා දේශසීමාවේ රැඳී සිටින්නේ යුක්රේනය නේටෝ සංවිධානය සමඟ කටයුතු කිරීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇගවීම් කර ඇත්තේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බවත්, එහෙයින් යුක්රේනයට සහාය පළ කිරීමක් ලෙස ජර්මනියට, රොමේනියාවට සහ පෝලන්තයට හමුදා යැවීම සිදු කරන බවත්ය.

මේ අතර රුසියානු ජනාපධිති පුටින් පවසා ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාවේ කිසිදු අදහසක් නොමැති නමුත්, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව යුද්ධයකට පොළොඹවා ගන්න ඇමෙරිකාව උත්සාහ ගන්නා බවය.

යුක්රේනය සහ නේටෝ සංවිධානය අතර සබඳතා වහා නැවැත්වුවහොත්, යුක්රේන රුසියා දේශසීමාවේ රඳවා සිටින සොල්දාදුවන් ඉවත් කර ගන්නා බව රුසියන් ජනාධිපති පුටින් පවසා ඇති නමුත් ඇමෙරිකාව ඊට විරෝධය පළ කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් සෙබළුන් 3,000 ක් යුරෝපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site