IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැනමා සංචාරයට සූදානම්

ඇමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ පැනමා රාජ්‍යය බව පැවැසෙයි.

ඇමෙරිකාවේ 72 වැනි රාජ්‍ය ලේකම්වරයා ද වන මාර්කෝ රූබියෝ, එම ධුරයට පත්වුණු පළමු ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතිකයාය.

රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ ලතින් ඇමෙරිකාව වන අතර පැනමාව ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි. පැනමා සංචාරයෙන් පසු, රූබියෝ ගේතමාලාවට, එල් සැල්වදෝරයට, ඩොමිනිකන් ජනරජයට සහ කොස්ටා රීකා රාජ්‍යයට යෑමට සූදානමින් සිටී.

නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පැනමා රජය සමඟ මේ වනවිට අර්බුදයක් පවතී. රූබියෝ, පැනමාවට යන්නේ එම අර්බුදය සම්බන්ධයෙන් පැනමා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමටය.එම අර්බුදය පවතින්නේ පැනමා ඇළ සම්බන්ධයෙනි.

පැනමා ඇළ යනු ලෝකයේ ඉන්ජිනේරු විස්කමකි. එය අත්ලාන්තික් සාගරයත් පැසිෆික් සාගරයත් යා කරන කිලෝ මිටර් 82 ක ඇළ මාර්ගයකි. වෙළෙඳ කටයුතුවලදී පැනමා ඇළ ඉතා වැදගත් මුහුදු මාර්ගයකි. 

අතීතයේ පැනමා රජය සමඟ එක් වී මෙය ඉදි කළේ ඇමෙරිකාවය. ඉන්පසු ඇමෙරිකාව සහ පැනමාව එක්ව, වසර ගණනක් පැනමා ඇලේ කටයුතු කළමනාකරණය කළේය. පැනමා ඇල ඇමෙරිකාව පැනමාවට ලබා දුන්නේ 1999 දෙසැම්බර් 31 වැනිදාය. ඒ, 1977 දී එවකට ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර් මැදිහත් වී පැනමා රජය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුවය. 

ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ඇමෙරිකන් නෞකා පැනමා ඇළ හරහා යද්දී, පැනමා රජය අසාධාරණ ආකාරයට එම නෞකාවලින් වැඩි ගාස්තු අය කරන බවටය. පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් තමන් පැනමා ඇළේ අයිතිය යළි ඇමෙරිකාවට පවරා ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත. මෙය පැනමා ජනාධිපති රාවුල් මුලීනෝ ප්‍රමුඛ රජයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැනමා සංචාරයට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site