IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පාකිස්තාන සංචාරය සාර්ථකයි

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ පාකිස්තාන සංචාරය සාර්ථක වූ බවත් දෙරට අතර පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමට එම සංචාරය ඉවහල් වූ බවත් ඇමෙරිකානු රජය කියා සිටී. පාකිස්තානය සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හමුවී දෙරට අතර ඇති අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල යෙදී සිටින ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දේශසීමා උල්ලංගනය කර පාකිස්තානයට පැමිණ එල්ල කරන ප‍්‍රහාර හැකි ඉක්මනින් නවත්වන බවට ද ජෝන් කෙරී එම අවස්ථාවේදී පොරොන්දුවන් ලබා දුන්නේය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකන් හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල සැඟවී සිටින තලේබාන් සටනක්කාමීන්ට පහර දෙයි. එම ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මියයෑම
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී තිබුණි. අගමැති ෂරීෆ් චෝදනා කර සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එම ප‍්‍රහාර එල්ල කරන බවටය.
ෂරීෆ් අගමැති ධුරයට පත් වීමට පෙර පැවැති පාකිස්තාන ජනතා පක්ෂ රජය සහ ඇමෙරිකාව අතර හොඳහිත පළුදු වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ 2011 වසරේ මැයි මාසයේ දී ඇමෙරිකන් හමුදා පාකිස්තානයට හොරෙන් ඇතුළු වී, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේ සැඟවී ජීවත් වුණු අල් කයිඩා නායක බින් ලාඩන් මරා දැමීමේ සිද්ධියයි. අගමැති ෂරීෆ් හමුවීමෙන් පසු, ජෝන් කෙරී පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන් ද හමුවූයේය. ඇමෙරිකාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් සිදු කරන ඩ්‍රෝන ප‍්‍රහාර ඉම්රාන් ඛාන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.



අදහස් (0)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පාකිස්තාන සංචාරය සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site