IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකන් රජය පවත්වාගෙන යන්න අරමුදල් අනුමත කරගනී

අරමුදල් අනුමත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් පැවැති නමුත්, තවත් දින 45 ක් සඳහා රජයේ කටයුතු පැවැති අයුරින් කරගෙන යෑමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයක් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේ තාවකාලික එකඟත්වයක් ඇතිකර ගැනුණි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් පසුව සෙනෙට් මණ්ඩලයේත් අනුමැතිය හිමිවීමෙන් පසු දින 45 ක කාලයක් සඳහා තාවකාලිකව රජයේ කටයුතු පවත්වාගෙන යෑමට එකඟත්වය ඇති කර ගනිමින් ඉදිරිපත් වුණු පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය.

ඇමෙරිකන් රජයේ අරමුදල් පැවැතියේ ඊයේ (30) මධ්‍යම රාත්‍රිය තෙක් පමණි. එකඟතාවක් ඇති කර නොගැණුනේ නම්, ඇමෙරිකන් ෆෙඩරල් රජය කඩා වැටීමට නියමිතව තිබුණු බවත් රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමට ඉඩ තිබුණි.

රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනයට ඇමෙරිකන් රජයේ මුදල් ආධාර හිමිවෙයි. එය ඇමෙරිකන් රජයට ලොකු වියදමකි. ඉදිරි දින 45 ක කාලයේ කිසිම ආකාරයකට යුක්රේනයට ආධාර ලබා නොදීමට ද ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කර තිබේ.



අදහස් (0)

ඇමෙරිකන් රජය පවත්වාගෙන යන්න අරමුදල් අනුමත කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site