IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී අතරේය. හමුව පැවැත්වූයේ පෝලන්තයේය.

පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියා පමණක් නොව, ‘නේටෝ’ සාමාජිකයෙකි. හමුදා ප්‍රධානීන් අතරේ හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේ රහස් තැනක යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, බටහිර ගැති යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට විරෝධය පළ කරමිනි.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ ව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී පිහිටුවාගෙන ඇති යුද සන්ධානයකි.

හමුදා ප්‍රධානීන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ රුසියන් යුක්රේන යුද්ධයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙනි. ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී, ඇමෙරිකන් හමුදාපති ජනරාල් මාර්ක් මයිලිට ස්තුති කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24374 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18135 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10857 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 569 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site