ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා පාලනය යටතේ කි‍්‍රයාත්මක බන්ධනාගාරයක රැඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනවලට ලක්වන්නේ යැයි ඇෆ්ගන් පරීක්ෂණ කොමිසමක් චෝදනා කරයි.
කාබුල් නුවර බග්රාම් හමුදා කඳවුරේ පිහිටා ඇති බන්ධනාගාරයේ රැුඳෙවියන් එසේ වධ බන්ධනවලට ලක්වන බව පැවැසේ. එය ඇෆ්ගනිස්තානයේ ප‍්‍රධාන පෙළේ බන්ධනාගාරයකි.
ඇමෙරිකා හමුදාව විසින් ජීවග‍්‍රහයෙන් අල්ලා ගනු ලැබූ තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් රඳවා ඇත්තේ ද මෙම බන්ධනාගාරයේය.
කිසිදු චෝදනාවක් නැතිව නඩු විභාගයකින් ද තොරව බොහෝ දෙනකු බන්ධනාගාරයේ රඳවා සිටින බවට ද ඇෆ්ගන් පරීක්ෂණ කොමිසම චෝදනා එල්ල කරයි.
එම පිරිස මෙන්ම තලේබාන් සහ අල් කයිඩා රැඳෙවියන් ද නිරන්තරයෙන්ම නොයෙක් නොයෙක් කුරිරු වධ බන්ධනවලට ලක් කෙරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන තමන් සොයා බැලූ අවස්ථාවේදී එය සත්‍යයක් බව තහවුරු වූ බවත් පරීක්ෂණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි.
එම චෝදනා එල්ල වීමත් සමඟම ඇෆ්ගන් ජනාධිපති කර්සායි ඇමෙරිකන් හමුදාවට බලකර ඇත්තේ මාසයක කාලයක් ඇතුළතදී බන්ධනාගාරයේ පාලනය ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරන ලෙසටය. කෙසේ නමුත් එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා රජය හෝ ඇමෙරිකා හමුදාව හෝ මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කොට වසර 10 කට ආසන්න කාලයක් ගතවී ඇත.
ඇමෙරිකා සහ නේටෝ ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට නියමිතව ඇත්තේ 2014 වසරේදීය. ඒ, ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දීමෙන් ද අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් බන්ධනාගාරයේදී ඇෆ්ගන් රැඳෙවියන්ට වධ හිංසා
නුවන් Thursday, 12 January 2012 10:15 AM
අපේ රටේ යුධ අපරාධ සිදුවුණා කියලා තවම ඇමෙරිකාවට පුදුම හිතේ අමාරුවක්නෙ තියෙන්නේ?