(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරෙනි පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අවදානමට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය සමයේදී සෙනෙට්වරයකු ලෙස සිටියදී සෙෂන්ස් මහතා දෙවරක් රුසියා තානාපතිවරයා හමු වී ඇතැයි ද වාර්තා වේ.
තමා ජනාධිපතිවරණය සමයේදී රුසියානුවන් සමඟ කිසිදු සමබඳතාවක් නොපැවැත්වූ බව සෙෂන්ස් මහතා ඉකුත් ජනවාරි මාසයේ දී පවසා තිබිණි.
“ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මා කිසිදු අවස්ථාවක රුසියානු බලධාරීන් හම්බ වුණේ නැහැ” යැයි ජෙෆ් සෙෂන්ස් මහතා අවධාරණය කළේය.
“දිවුරුම ඉදිරියේ ජෙෆ් සෙෂන්ස් බොරු කියනවා” යැයි ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරන බව ද මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) කරන පරීක්ෂණවලින් ද නීතිපතිවරයා ලෙස සෙෂන්ස් මහතා ඉවත් විය යුතු යැයි ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර ඇත.රුසියානු තානාපතිවරයාට අමතරව රුසියානු පාර්ශව සමඟ ද සෙෂන්ස් මහතා සබඳතා පවත්වා ඇතැයි ද ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.
නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතා පසුගිය වසරේදී සෙනට් සභිකයකු ලෙස රුසියානු තානාපති සර්ගේ කිස්ලියාක් මහතා හමු වී ඇති බවට තහවුරු වී ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පතද වාර්තා කර ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජෙෆ් සෙෂන්ස් මහතා තම කාර්යාලයේදීත් ඉන් පසු තවත් අවස්ථාවකදීත් රුසියානු තානාපතිවරයා සමඟ පෞද්ගලික සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡාවලට තවත් තානාපතිවරුන් සහභාගී වී ඇති බව ට ද වොෂින්ටන් පෝස්ට් වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබේ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකානු නීතිපති අවදානම් ගමනක