ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩන් සැත්කමකට භාජන කළ බවත්, වෛද්‍යවරුන් ඇගේ සිරුරින් පිළිකා සෛල ඉවත් කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා තිබේ.
එක් සැත්කමක් සිදු කර ඇත්තේ ජිල් බයිඩන්ගේ දකුණු ඇස අසල මුහුණේය. එය චර්ම පිළිකා තත්ත්වයකි. දෙවැනි සැත්කමින් වම් පියයුරට ඉහළින් වූ ගැටිත්තක් ඉවත් කෙරුණි.
සැත්කම් දෙකම විනාඩි කීපයකින් අවසන් වුණු බවත් පිළිකා සෛල සිරුරින් ඉවත් කිරීම වෛද්‍යවරුන් සමත් වූ බවත් ධවල මන්දිර වෛද්‍යවරයා පැහැදිලි කර තිබේ.
සැත්කම සිදු කෙරුණේ වොෂින්ටන් අගනුවරට ඔබ්බෙන් ‘වෝල්ටර් රීඞ්’ ජාතික වෛද්‍ය මධ්‍යස්ථානයේදීය. ජිල් බයිඩන් වෛද්‍ය මධ්‍යස්ථානය බලා ගියේ ජනාධිපති සැමියා ජෝ බයිඩන් ද සමඟය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් ජනපති ආර්යාවට පිළිකාවක්