IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. 

ජනමත සමීක්ෂණ අනුව, ජයග්‍රාහකයා කවුරුන්දැයි කල්තියා අනාවැකි කීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඊට හේතුව, ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ කරටකර සටනක් පවතින බැවිනි. ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ අවසන් ජන රැලි පැවැත්වුණ් මිචිගන් සහ පෙන්සිල්වේනියා ජනපදවලය.

මිචිගන් ජන රැලියට ට්‍රම්ප් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක් වූහ. ඊට අමතරව, ජනප්‍රිය ඇමෙරිකන් නිවේදිකාවක මෙන්ම මාධ්‍ය තරුවක් ලෙස ද සැලකෙන මේගන් කෙලී ද ට්‍රම්ප්ට සහාය පළ කරමින් ට්‍රම්ප්ගේ වේදිකාවට ගොඩවූවාය. පෙන්සිල්වේනියා ජනපදයේ පැවැති කමලා හැරිස්ගේ අවසන් ජන රැලියට කැතී පෙරී සහ ලේඩි ගාගා යන ජනප්‍රිය ඇමෙරිකන් ගායිකාවෝ ද එක් වී සිටියහ. ඒ, කමලාට සහාය පළ කරමිණි. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද

රට වැසියා Tuesday, 05 November 2024 11:21 AM

ඩොනලඩ් ට්‍රම්ප් උන්නැහේ දිනනවා, කාන්තාවකට ඇමෙරිකාව ජනාධිපති වෙන්න තිබෙන හැකියාව ඉතාම සීමිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 577 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site