IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකානු කොන්සල් රියට පාකිස්තානයේදී බෝම්බ ප‍්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂවෝර් නුවර ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක්  ඉලක්ක කර ගනිමින් ඊයේ (3) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර සිවු දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මියගියෝ ඇමෙරිකන් කොන්සල් නිලධාරීහු දෙදෙනෙකි. ප‍්‍රහාරයෙන් තවත් ඇමෙරිකන් ජාතික කොන්සල් නිලධාරීන් දෙදෙනකු සහ කොන්සල් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. වෙනත් රියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු කොන්සල් රියේ හැපී බෝම්බය පුපුරුවා ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි.  ප‍්‍රහාරයෙන් කොන්සල් කාර්යාල මෝටර් රථය මුළුමනින්ම විනාශ විය. බෝම්බකරුගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇතැයි ද වාර්තා වේ. පෙෂවෝර් නුවර තම කොන්සල් කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාර ගෙන නැත. කෙසේ නමුත් පාකිස්තානය සහ ඇමෙරිකාව පවසන්නේ එය තලේබාන් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය. ප‍්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර පාකිස්තානයේ රැඳී සිටින සෙසු ඇමෙරිකානු කොන්සල් නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ද පාකිස්තාන රජය පවසා ඇත. කොන්සල් රියට බෝම්බ ප‍්‍රහාරය එල්ල වීමට පැයකට පෙර,  පෙෂවෝර් නුවර එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය අසල ද බෝම්බයක් පුපුරා ගියේය. එම බෝම්බ ප‍්‍රහාරයට සිවිල් වැසියෝ දෙදෙනෙක් බිලිවූහ. තවත් සිවිල් වැසියෝ තිදෙනෙක් තුවාල ලැබූහ.තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

ඇමෙරිකානු කොන්සල් රියට පාකිස්තානයේදී බෝම්බ ප‍්‍රහාරයක්

වරුණ Wednesday, 05 September 2012 09:16 AM

පාකිස්ථාන් -සින්දාබාද් (ස)

:       0       0

නිරාන් Tuesday, 04 September 2012 01:24 PM

කෝ මේ නවනීදන් පිල්ලෙ නෝනා, නිදිද? (ස)

:       0       0

සේනානායක Tuesday, 04 September 2012 11:47 PM

තල වැපිරූ විට ලැබෙන්නේ තලයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 05 September 2012 02:50 AM

නියමයි.අනෙක් රටවලිනුත් මේ අය පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 05 September 2012 02:52 AM

මේවට තමයි බූමරංග කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site