ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා ‘කොවිඩ්-19’ මර්දන එන්නතට ඉන්දියාවේ අනුමැතිය හිමි වී ඇත.
ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි සිප්ලා ඖෂධ සමාගමට ඇමෙරිකාවේ මොඩර්නා එන්නත ආනයනය කිරීමට මෙලෙස අවසරය හිමි වී තිබේ.
ඒ අනුව ඉන්දියාව මේ වනවිට ‘කොවිඩ්-19’ මර්දන එන්නත් හතරකට අවසරය ලබා දී තිබේ. භාරත් බයෝටෙක් සමාගමේ ‘කොවැක්සින්’, ඉන්දියාවේ සේරම් ආයතනයේ ‘කොවිෂීල්ඩ්’, සහ රුසියාවේ ‘ස්පුට්නික්’ එන්නතට මීට පෙර අවසරය හිමි වී තිබිණි.
මොඩර්නා එන්නත බෙදාහරින විදින ආකාරය හෝ ඉන්දියාවට කොතරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගෙන්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිප්ලා සමාගම ප්‍රදාන වශයෙන් මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් ලැබෙන බවත් ඊට අමතරව වාණිජ ගිවිසුම් යටතේ තවදුරටත් මොඩර්නා එන්නත් මාත්‍රා ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාව මේ වනවිට අනුමත කර ඇති එන්නත්වලින් වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ මොඩර්නා එන්නතයි. ස්පුට්නික් එන්නත සියයට 91ක සාර්ථකත්වයක් ද කොවැක්සින් එන්නත සියයට 77.8ක සාර්ථක්තවයක් ද කොවිෂීල්ඩ් එන්නත සියයට 74ක සාර්ථකත්වයක් ද පෙන්නුම් කර ඇත. මොඩර්නා එන්නතේ සාර්ථකත්වය සියයට 94ක් බව පැවසේ.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් එන්නතට ඉන්දියාවේ අනුමැතිය