IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානුවෝ 10,000ක් මාරක වෛරස අවදානමක

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පිහිටි යොසිමයිට් ජාතික උද්‍යානයේ කඳවුරු ලා සිටි දසදහසකට ආසන්න සංචාරකයන් පිරිසකට මරණීය වෛරසයක් වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉකුත් සතියේදී මෙම වෛරසය වැළඳුණ සංචාරකයන් දෙදෙනකු මියයෑමෙන් අනතුරුව ජාතික උද්‍යනයේ එක් ප‍්‍රදේශයක් වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. හැන්ටා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම් නමැති ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැළඳෙන දුර්ලභ ගණයේ මෙම රෝගය වැළඳුණු තවත් සංචාරකයන් හය දෙනකු වාර්තා වූ බව කැලිෆෝනියා උද්‍යාන බලධාරීහු පවසති. මෙම සිදුවීම වාර්තා වීමෙන් පසුව එම උද්‍යානයට පැමිණි සංචාරකයන් දසදහසක් පමණ එම වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට පියවරගෙන තිබේ.



අදහස් (0)

ඇමෙරිකානුවෝ 10,000ක් මාරක වෛරස අවදානමක

කරුවිට සුනිල් Monday, 03 September 2012 03:03 PM

තව කොච්චර වෛරස ඇමෙරිකාවෙන් එයිද? (ත)

:       0       0

රිස්මි Monday, 03 September 2012 12:05 PM

ඇමෙරිකාව මුලු ලෝකයටම වෛරසයක්. (ත)

:       0       0

මධූ Monday, 03 September 2012 06:54 PM

ලංකාවේ වගේ නෙමෙයි මෙයාලා ඉක්මනට බෙහෙත් හොයාගනීවි..(ස)

:       0       0

නිරෝෂි Thursday, 06 September 2012 11:43 AM

ඕකට තමයි කියන්නේ සොබාදහමෙන් දඩුවම් දෙනවා කියලා..(ස)

:       0       0

සේනානායක Monday, 03 September 2012 12:58 PM

අනුන්ට දාන වෛරස් තමයි තමන්ටම එන්නේ. මේ පටන් ගැන්ම විතරයි‍‍...(ස)

:       0       0

සිල්වා පැරිස් Tuesday, 04 September 2012 01:30 PM

මුළු ඇමරිකාවෙම පැතිරුණත් මම නම් කැමතියි..!! අපේ රටේ සරණාගත කදවුරු ගැනයි මේ අයට කැක්කුම..!!(නු)

:       0       0

සිල්වා පැරිස් Tuesday, 04 September 2012 01:32 PM

ලොකුකම ඔළුවෙ තියගෙන අපේරට අවතක්සේරු කරන්න එපා..!!(නු)

:       0       0

කෙනත් Tuesday, 04 September 2012 09:22 PM

මොකද මේ ලංකාවේ මිනිස්සු මේ තරම් අනෙක් රටවල් වලට සහ මනුෂ්‍යයන්ට වෛර කරන්නේ. හතුරෙකුට වුණත් ලෙඩක් දුකක් හැදුණහම හොද වැඩේ කියන එක පහත ගතියක්. " සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා" කියල මෛත්‍රීය පතුරවන බෞද්ධ අපට ඒක ගැළපෙන්නේ නැහැ නේද, මේ අතර අහිංසක කුඩා දරුවන්, වෙනත් සංචාරකයන්, ලාංකික අය කොපමණ ඉන්නවා ඇද්ද? කැලිෆොර්නියාවේ සුදු ඇමරිකානුවන් ඉන්නේ 50 % කටත් වඩා අඩුවෙන්. අනෙක් අය බහුතරයක් චීන, මෙක්සිකන්, ඉන්දියන් ජාතිකයන්. පුදුමයි ලංකාවේ බහුතරයක් බලන් ඉන්නේ ඇමෙරිකාවේ විනාශය උදා වෙනකන්. අපේ සැබැ සතුරා ඇමෙරිකාව නොවෙයි එංගලන්තය. ඇමෙරිකාව එංගලන්තයෙන් කොලනියක් විදිහට මහා පීඩාවක් වින්ද ජාතියක්. අමතක කරන්න එපා අපි කොටි එක්ක කළ යුද්ධය පහසු වුණේ ඇමෙරිකාවේ යම් යම් උදවු නිසා බව. මේක තමයි පරාජිත පරාදීන මානසිකත්වය. මේක තමයි තිත්ත ඇත්ත. අපි කළ යුත්තේ මේ රටවල හොද පැත්ත අරන් , නරක බැහැර කොට වහ වහා දියුණු වීමයි. (නි)

:       0       0

ශාන් Tuesday, 04 September 2012 01:44 PM

ත්‍රස්තවාදය පතුරවන වෛරස් එක ඇමරිකාව පමණයි..!!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 04 September 2012 02:08 PM

මේ උද්‍යානයට මමත් ගිහිං තියෙනවා.. ලෝකයේ විශාලම ගස් ලෙස හැදින්වෙන රෙඩ්වුඩ් ගස් තියෙන්නේ මේ උයනේ...!!(නු)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 04 September 2012 03:14 PM

බැලුවම හැම විසක් වසක් ලෝකෙට හදුන්වලා දෙන්නේ මෙගොල්ලොනේ,කොහොම උනත් තව ටික දවසකින් ඕක අපේ රටේ ඇති වෙච්ච එකක් කියලා කියයි...(ස)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 05 September 2012 12:58 PM

ඇමරිකාව ඔවුන්ගේම සාපරාධී ක්‍රියා තුළින් පාඩම් ඉගෙන ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site