IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානුවෝ උදෑසනම ඡන්ද පොළට යති

ඇමෙරිකානු ජනාධිපතිවරණය ඊයේ (6) එරට වේලාවෙන් උදෑසන හයට ආරම්භ විය. ඡන්ද කටයුතු මුලින්ම ආරම්භ වූයේ නිව් හැම්ප්ෂයර්, වර්ජිනියා, නිව්යෝර්ක්, නිව් ජර්සි, කෙන්ටකී, ඉන්දියානා, මෙයින් සහ වර්මොන්ට් යන ජනපදවලය. මැචසුසෙට් ප‍්‍රාන්තයේ බෙල්මට්හි පිහිටි ඡන්දපොල වෙත උදෑසනම පැමිණි ජනාධිපතිධූර අපේක්ෂක මිට් රොම්නි සහ ඔහුගේ බිරිය ඈන් සිය ඡන්දය ප‍්‍රකාශ කළහ. දෙවැනි ධුර කාලය සඳහා තරග කරන ඩිමොක‍්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි අතර කරටකර සටනක් පවතිනු ඇතැයි පැවැසුණ ද ජනාධිපතිවරණයට පැය කීපයකට පෙර සිදුකළ ජනමත සමීක්ෂණ කිහිපයකින්ම පෙනී ගියේ රොම්නි පරදවා ඔබාමා ජයග‍්‍රහණය කරනු ඇති බවය. ඇමෙරිකාවේ ජනපති අපේක්ෂකයන් දෙදෙනකු අතර මේ අයුරින් කරට කර සටනක් පවතින්නේ වසර 76 කට පසුව වීම ද සුවිශේෂී කරුණකි. බි‍්‍රතාන්‍යයේ ‘යූ ගොව්’ ආයතනය ඉකුත් 5 වැනිදා රාති‍්‍රයේ ඇමෙරිකාවේ ජනපද 27 ක සිදුකළ ජනමත විමසුමකදී පෙනී ගියේ සියයට 2 ක ප‍්‍රතිශතයකින් ඔබාමා ජයග‍්‍රහණය කරනු ඇති බවය. ඇමෙරිකාවේ ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී සහ පුවත්පත් ද වෙන වෙනම ජනමත විමසුම් පවත්වා ඇති අතර ඔවුන් ද පවසන්නේ ඉතා සුළු ප‍්‍රතිශතයකින් මිට් රොම්නි පරාජය කිරීමට ඔබාමා සමත් වනු ඇති බවය. ජනපති ඔබාමා පූර්වාදර්ශයට ගෙන ඇමෙරිකානුවෝ බොහෝ දෙනෙක් ඊයේ (6) ඡන්ද දිනට පෙර තම ඡන්ද ප‍්‍රකාශ කළහ. ජනපති ඔබාමා සිය ඡන්දය ප‍්‍රකාශ කළේ මීට 11 දිනකට පෙරය. කල් තියා ඡන්දය ප‍්‍රකාශ කරන්නැයි තම ආධාරකරුවන්ට පවසා තිබුණ ද රොම්නි සහ ඔහුගේ බිරිය ඈන් ඊයේ දිනයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව සිටියහ. ජනපතිවරණයට පෙර පැවැති අවසන් මැතිවරණ රැළිවලින් පසු ඔබාමා ඡන්ද ගණයේ ඡන්ද 237 ක් නිසැකවම හිමිකර ගනු ඇති බවත් මිට් රොම්නිට හිමි වනු ඇත්තේ 191 බවත් අනාවැකි පළ වී තිබුණි. ඇමෙරිකාවේ පවතින්නේ සුවිශේෂී ඡන්ද ක‍්‍රමයකි. ඒ අනුව ජනාධිපතිවරණයකදී, ඇමෙරිකානු ඡන්දදායකයෝ ඍජුවම තම ජනාධිපතිවරයා තේරීමට ඡන්දය ප‍්‍රකාශ නොකරති. ඡන්දදායකයකු ජනාධිපතිවරණයකදී තමා කැමති අපේක්ෂකයාට ඡන්දය දුන් විට, ඇත්තෙන් ම ඔහු හෝ ඇය හෝ කරන්නේ තම ජනපදයේ ඡන්ද වරම හිමි කර දෙන  පුද්ගලයන් සංඛ්‍යාව එනම් ‘ඡන්ද ගණය’ තෝරා දීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමයි. ඉලෙක්ට්‍රෝරල් කොලේජ් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ඡන්ද ගණයයි. සෑම ජනපදයකටම කොංග‍්‍රසය නියෝජනය කරන මන්තී‍්‍රන් සංඛ්‍යාවට සමාන ගණනක් හා සෙනෙට් මන්තී‍්‍ර මණ්ඩලය නියෝජනය කරන දෙදෙනකුට එක් අයකු බැගින් වන සේ සංඛ්‍යාවක් ඡන්ද වරම හිමි පුද්ගලයන් ලෙස තෝරා පත් කළ ඡන්ද ගණයට පුළුවන. ඔවුහු සියල්ලෝ ෆෙඩරල් රජයේ නිලතල දරන්නෝ නොවිය යුත්තෝය. සමහර ජනපදවල මේ පිරිස තෝරනු ලබන්නේ දේශපාලන පක්ෂ සම්මේලනවලදීය. එහි දී ඡන්ද වරම හිමි සංඛ්‍යාවට අයත් පුද්ගලයන් නම් කිරීමේ අවස්ථාව වැඩිම ඡන්ද ලබන පක්ෂයට හිමි වෙයි. පරාජිත අපේක්ෂකයන්ට එම අවස්ථාව හිමි නොවේ. මේ ආකාරයට ජය ලබන ඡන්ද වරම හිමි සියල්ලෝ දෙසැම්බරයේ දෙවැනි බදාදාට පසුව එළඹෙන සඳුදා තම ජනපදයේ අගනුවරදී රැස්වී ජනාධිපතිවරයාට හා උප ජනාධිපතිවරයාට ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව සිටිති. මේ අයට ව්‍යවස්ථාවට අනුව තමන් කැමති  ඕනෑම කෙනකුට ඡන්දය ප‍්‍රකාශ කළ හැකි නමුදු ඔවුහු තමන් ප‍්‍රතිඥා දී ඇති අයට හැර වෙනත් අයකුට ඡන්දය ප‍්‍රකාශ නොකරති. ඉන්පසු ප‍්‍රකාශිත ඡන්ද කොංග‍්‍රසය වෙත යවනු ලැබේ. ඉන් අනතුරුව අපේක්ෂකයන් නියම වශයෙන් තෝරනු ලබන්නේ එළඹෙන වසරේ ජනවාරි 6 වැනිදා එම ඡන්ද ගණන් කිරීමෙන් පසුවය. මෙහිදී මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් අඩකට වඩා, එනම් ඡන්ද 270 න් අඩකට වැඩි ගණනක් ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස පත් වෙයි. ඇමෙරිකාවේ දැනට භාවිත වන ඡන්ද ක‍්‍රමය අනුව ජනපදයක වැඩිම ඡන්ද ලබන පක්ෂයට, ඒ ජනපදයට හිමි සියලූම ඡන්ද ගණවලට අයත් ඡන්ද හිමි වේ. ඒ අනුව ජනගහනයෙන් වැඩි දෙනකුගේ ඡන්ද නොලැබූ අපේක්ෂකයකුට පවා ජය ගැනීමේ අවස්ථාව උදා වේ. 1876 සහ 1888 වසරවලදී මෙවැනි තත්ත්වයක් උදා වූ අතර ජනාධිපති පදවියට පත් වූයේ ජනතාවගේ සමස්ත ඡන්දයෙන් වැඩි ප‍්‍රමාණයක් ලබා ගත් තැනැත්තා නොව ඊට අඩු ප‍්‍රමාණයක් ලබමින් ඡන්ද ගණයේ ඡන්ද වැඩි ප‍්‍රමාණයක් ලබා ගත් තැනැත්තාය. 2000 වසරේදී ජනපති ධුරයට තරග වැදුණේ ජෝර්ජ් බුෂ් සහ ඇල් ගෝර් යන දෙදෙනාය. සමස්ත ඡන්දයෙන් පරාජය වුවත් එහිදී බුෂ්ට ජයග‍්‍රහණය කිරීමට හැකිවූයේ ඡන්ද ගණයේ ඡන්ද වැඩි ප‍්‍රමාණයක් හිමි කර ගැනීම නිසාය. ඔබාමා බිරිය මිෂෙල් සමඟ අයෝවාහි පැවැති අවසන් මැතිවරණ රැලියට සහභාගී වෙමින්නිව් හැම්ප්ෂයර්හි ඩික්ස්විල් නගර වැසියෝ ඡන්දය ප‍්‍රකාශ කරමින් ...



අදහස් (0)

ඇමෙරිකානුවෝ උදෑසනම ඡන්ද පොළට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site